Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 11:12 - Sinhala Revised Old Version

12 යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 යොහන් බව්තීස්තගේ දවස්වල පටන් අද දක්වා, ස්වර්ග රාජ්‍යය සැහැසිකමට ලක් වී තිබේ. සැහැසිකම් කරන්නෝ බලහත්කාරයෙන් එය අල්ලා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ස්නාවක ජොහන්ගේ කාලයේ පටන් මේ දක්වා ස්වර්ග රාජ්‍යය බලහත්කාරකමට යට වී ඇත. බලහත්කාරකම් කරන්නෝ එය බලයෙන් අත්පත් කරගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 11:12
11 හුවමාරු යොමු  

ව්‍යවස්ථාවද අනාගතවක්තෘහුද යොහන් දක්වා පැවතුණෝය. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරනු ලැබේ, සියල්ලෝද බලෙන් ඊට ඇතුල්වෙති.


පටු දොරකඩින් ඇතුල්වෙන්ට වීර්යකරන්න. මක්නිසාද බොහෝ දෙනෙක් ඇතුල්වෙන්ට සොයන නුමුත් බැරිවන්නේයයි නුඹලාට කියමි.


එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න;


නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.


යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය.


සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය.


මක්නිසාද සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්