Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:1 - Sinhala Revised Old Version

1 එවිට දාවිත් එතනින් ගැළවී ගොස් අදුල්ලාම්හි ගුහාවට පැමුණුණේය. ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝද ඒ අසා එහි ඔහු ළඟට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:1
13 හුවමාරු යොමු  

ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් අදුල්ලම් ගුහාවේ සිටි දාවිත් වෙතට පර්වතයට ගියෝය; පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපාවරුන්ගේ මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියෝය.


ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.


සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.


ලිබ්නාහි රජ එක්කෙනෙක්ය; අදුල්ලාම්හි රජ එක්කෙනෙක්ය;


එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් ස්ථානයෙන් පිටත්වී බැස ඇවිත්, පොළොවේ උසස්ථාන පිට ඇවිදිනසේක.


යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශේකාද,


ඒ කාලයේ යූදා තමාගේ සහෝදරයන් වෙතින් අහක්ව අදුල්ලමියයෙක්වූ හීරා නම් මනුෂ්‍යයෙකු වෙතට ගියේය.


එවිට දාවිත්ගේ මිනිස්සු කථාකොට: මෙන්න, නුඹට හොඳව පෙනෙන ලෙස නුඹේ සතුරාට කරන පිණිස මම නුඹ අතට ඔහු පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීවේ අද දවස ගැනයයි කීවෝය. එවිට දාවිත් නැගිට සාවුල්ගේ සළුවේ කොණ රහසින් කපාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්