Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 17:8 - Sinhala Revised Old Version

8 හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 හූෂයි තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය: “ඔබේ පියා හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත්, වනයේ පැටවුන් නැති වූ වැලහින්නක මෙන් කෝප වී සිටින බවත් ඔබ දන්නෙහි ය. ඔබේ පියා යුද්ධයෙහි දක්ෂයෙකි. ඔහු රාත්‍රියේ සෙනඟ සමඟ නවතින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 17:8
20 හුවමාරු යොමු  

පැටවුන් නැතිවුණ වැලහින්නියක් මෙන් මම ඔවුන්ට විරුද්ධව පැමිණ, ඔවුන්ගේ හෘදයේ අතුණුවැටිය ඉරන්නෙමි. එහිදී සිංහයෙකු මෙන් ඔවුන් නාස්තිකරන්නෙමි; වල් මෘගයා ඔවුන් ඉරාදමන්නේය.


එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේත් ඔහු සමඟයයි කීවේය.


තව මෘගයෙක් වන දෙවෙනියා වලසෙකුට සමානය, ඌ එක ඇළයකින් කෙළින්වී උන්නේය, ඉළඇට තුනක්ද උගේ කටෙහි උගේ දත් අතරේ තිබුණේය. නැගිට බොහෝ මස් කවයි ඌට කියනලද්දේය.


අඥානයෙකු තමාගේ මෝඩකමේදී සම්බවීමට වඩා පැටවුන් නැතිවුණු වැලහින්නියක් මනුෂ්‍යයෙකුට සම්බවීම හොඳය.


දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි.


ඔහු පස්සට හැරී ඔවුන් දැක ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියාව සිටියේය. ඔහු තමාගේ හෙල්ලය තුන්සිය දෙනෙකුට විරුද්ධව ඔසවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නාමයක් ලැබීය.


එවිට ඒ බලවන්තයන් තුන්දෙනා පිලිස්තිවරුන්ගේ සේනාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් ඔහු ඒවා බොන්ට අකැමැතිව ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට:


ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් ස්ථාන බලා, සත්තකලෙස දැනගෙන, මා ළඟට නැවත එන්න, එවිට මම නුඹලා සමඟ ගොස්, ඔහු රටේ ඉන්නවා නම්, යූදාහි සියලු දහස්ගණන් අතරෙහි ඔහු සොයාගන්නෙමියි කීවේය.


මෙසේ දාවිත් ගල්පටියෙන්ද ගෙලන්ද පිලිස්තියයාගෙන් ජයගෙන, ඔහුට පහරදී, ඔහු මැරුවේය; නුමුත් දාවිත්ගේ අතේ කඩුවක් තිබුණේ නැත.


දාන් පුත්‍රයෝ ඔහුට කථාකොට: නුඹ කථානොකර සිටින්න, කථාකළොත් රෞද්‍ර මිනිසුන් නුඹලාට විරුද්ධව එන්ට පුළුවන, එවිට නුඹේ ජීවිතයද නුඹේ ගෙයි වැසියන්ගේ ජීවිතද හානිවේයයි ඔහුට කියා යන්ට ගියෝය.


දැන් ඔහු වළක හෝ වෙන තැනක හෝ සැඟවී ඇත. තවද පටන්ගැන්මේදීම ඔවුන්ගෙන් සමහර දෙනෙක් වැටුණාම ඒ අසන කවුරු නුමුත්–අබ්සලොම් අනුව යන සෙනඟ අතරෙහි මැරීමක් සිදුවීයයි කියනවා ඇත.


නුඹේ මවු කවුද? සිංහධේනුවක්ය. ඈ සිංහයන් මැද ලැග්ගාය, තරුණ සිංහයන් අතරෙහිද ඇගේ පැටවුන් ඇතිකළාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්