මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය තැබීමට ගෘහයක් ගොඩනගන පිණිස සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරානොගෙන, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානව සිටීමට දාවිත් තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් ඒක ඉෂ්ටකළසේක.
1 සාමුවෙ 16:1 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක. |
මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය තැබීමට ගෘහයක් ගොඩනගන පිණිස සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරානොගෙන, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි ප්‍රධානව සිටීමට දාවිත් තෝරාගතිමියි කියා ස්වකීය හස්තයෙන් ඒක ඉෂ්ටකළසේක.
අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: නුඹ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.
තෙල් කුලාව රැගෙන ඔහුගේ හිසේ වත්කොට: මම නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකෙළෙමියි ස්වාමීන්වහන්සේ වදාරන සේක කියා, දොර හැර ප්‍රමාද නොවී පලායන්නැයි කීවේය.
හෙතෙම නැගිට ගේ ඇතුළට ගියේය; එවිට ඒ තරුණයා ඔහුගේ හිසේ තෙල් වත්කොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ වදාරනසේක–ස්වාමීන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකමට නුඹ ආලේපකෙළෙමි.
මෙලෙස ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙතට පැමිණියාහ; දාවිත්ද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය; ඔව්හු ස්වාමීන්වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට ආලේපකළෝය.
නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සදාකල්ම රජව සිටීමට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ පියාගේ මුළු වංශයෙන් මා තෝරාගත්සේක. මක්නිසාද උන්වහන්සේ යූදාද යූදාගේ වංශයෙන් මාගේ පියාගේ පවුලද අධිපතිකමට තෝරාගෙන සියලු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට මා පත්කරන්ට මාගේ පියාගේ පුත්‍රයන් අතරෙන් මා කෙරෙහි ප්‍රසන්නවූසේක.
තවද ඒ දවසෙහි ජනයන්ට කොඩියක් ලෙස සිටින්නාවූ, යෙස්සේගේ රිකිල්ලවූ උන්වහන්සේ වෙතට ජාතීහු රැස්වන්නෝය; උන්වහන්සේගේ නිවාසස්ථානයද තේජවත් වන්නේය.
ඒ නිසා නුඹ මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පුනොකරන්න. මක්නිසාද ඔවුන් තමුන්ගේ විපත්තිය නිසා මට යාච්ඤාකරන කාලයේදී මම ඔවුන්ගේ වචන නොඅසන්නෙමි.
එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.
එබැවින් නුඹ වනාහි මේ සෙනඟ උදෙසා යාච්ඤා නොකරන්න, ඔවුන් උදෙසා විලාපයද යාච්ඤාවද ඔප්පු නොකරන්න, මට කන්නලව්ද නොකරන්න. මක්නිසාද මම නුඹේ බසට කන් නොදෙන්නෙමි.
නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි.
මම තව මක්කියම්ද? ගිඩියොන්ද බාරක්ද සම්සොන්ද යෙප්තාද දාවිත්ද සාමුවෙල්ද ප්‍රොපේතවරුන්ද ගැන කියන්ට කල් මදිය.
යමෙක් තමාගේ සහෝදරයා මරණයට නොපමුණුවන පාපයක් කරන බව දුටුවොත් ඔහු යාච්ඤාකරාවා, එවිට ඔහුට, එනම් මරණයට නොපමුණුවන්නාවූ පාපයක් කරන්නන්ට, (දෙවියන්වහන්සේ) ජීවනය දෙනසේක. මරණයට පමුණුවන්නාවූ පාපයක් ඇත්තේය. ඔහු ඉල්ලිය යුතුය කියා මා කියන්නේ ඒ ගැන නොවේ.
එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.
මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් නුඹ රජකමෙන් පහකළසේකැයි කීවේය.
මම නුඹ සමඟ හැරී නොඑමි. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ වචනය පහකෙළෙහිය, ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටීමෙන් නුඹ පහකළසේකැයි සාමුවෙල් සාවුල්ට කීවේය.
ඉන්පසු සාමුවෙල් තමා මැරෙන දවස දක්වා තවත් සාවුල් දකින්ට නායේය. නුමුත් සාමුවෙල් සාවුල් ගැන ශෝකවිය. ස්වාමීන්වහන්සේද සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට පත්කළ බැවින් තැවුණුසේක.
තවද දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය සාවුල්ට පැමිණි කල දාවිත් තෙමේ වීණාව ගෙන අතින් ගායනාකෙළේය. එයින් සාවුල්ට පහසුවද සුවයද ලැබී, නපුරු ආත්මය ඔහුගෙන් පහව ගියේය.
දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.
මම හෙට මේ වේලාවට පමණ බෙන්යමින් රටෙන් මනුෂ්‍යයෙකු නුඹ ළඟට එවන්නෙමි, ඔහු මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට ආලේප කරන්න, ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේය. මක්නිසාද මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලීමියි දන්වා තිබුණේය.