Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 16:15 - Sinhala Revised Old Version

15 සාවුල්ගේ සේවකයෝ ඔහුට කථාකොට: දැන් දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔබ කලඹයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සාවුල්ගේ සේවකයෝ ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔබ කළඹන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සාවුල්ගේ සේවකයෝ ඔහුට කතා කොට, “දෙවියන් වහන්සේ එවූ දුෂ්ටාත්මයක් ඔබ කළඹන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 16:15
6 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරට එදිරිකාර ආත්මයක් පැමිණෙවු සේක; ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට ද්‍රෝහිකම්කළෝය.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


නුමුත් ස්වාමීන්වහන්සේගේ ආත්මය සාවුල්ගෙන් පහව ගොස් ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහු කැලඹුවේය.


දක්ෂ වීණාකාරයෙකු සොයන්ට අපේ ස්වාමිතුමා ඔබ ඉදිරිපිට සිටින ඔබගේ සේවකයන්ට අණකෙරේවා. එවිට දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මය ඔබ කෙරෙහි තිබෙන කල, ඔබට සුවවෙන පිණිස ඔහු තමාගේ අතින් ගායනාකරන්නේයයි කීවෝය.


තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළේදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය.


තවද සාවුල් තමාගේ හෙල්ලය අතේ තබාගෙන ගෙයි හිඳින අතර ස්වාමීන්වහන්සේගෙන් නපුරු ආත්මයක් ඔහුට ආවේශවිය; දාවිත් තමාගේ අතින් වීණාව ගෑවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්