Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 9:1 - Sinhala Revised Old Version

1 අනාගතවක්තෘවූ එලිෂා ශිෂ්‍ය ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුට අඬගසා: නුඹ ඉඟටිය බැඳගෙන මේ තෙල් කුලාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දිවැසිවර එලිෂා දිවැසිවර කණ්ඩායමෙන් කෙනෙකුට අඬගසා, “ඔබ ඉඟටිය බැඳගෙන, මේ තෙල් කුළාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දිවැසිවර එලිෂා දිවැසිවර කණ්ඩායමෙන් කෙනෙකුට අඬගසා, “ඔබ ඉඟටිය බැඳගෙන, මේ තෙල් කුළාව අතින් රැගෙන රාමොත්-ගිලියද්ට යන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:1
25 හුවමාරු යොමු  

එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


එවිට ඔහු ගෙහාසීට කථාකොට: ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙක් සම්බවුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙක් නුඹට ආචාරකළත් ඔහුට උත්තරදෙන්නේවත් නැතුව ගොස්, මාගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැයි කීවේය.


ශාදොක් පූජකයා කූඩාරමෙන් තෙල් කුලාව රැගෙන ගොස් සාලමොන් ආලේපකෙළේය. එවිට ඔව්හු හොරණෑව පිම්බෝය; මුළු සෙනඟද: සාලමොන් රජු සැරදේවයි කීවෝය.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.


බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය.


ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.


ඒ නිසා නුඹ නුඹේ ඉඟටිය බැඳගෙන නැගිට සිට, මා නුඹට අණකරන සියල්ල ඔවුන්ට කියන්න. මා විසින් ඔවුන් ඉදිරියේදී නුඹ නොකලඹන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි නොකැලඹී සිටින්න.


ස්වාමීන්වහන්සේ කථාකොට–ආහබ් රාමොත්-ගිලියද්ට ගොස් එහිදී වැටෙන පිණිස එහි යන්ට ඔහු පොළඹවන්නේ කවුදැයි ඇසූසේක. එක්කෙනෙක් මේ ආකාරද එක්කෙනෙක් ඒ ආකාරද කීවේය.


ඔහු යෙහෝෂාපාට්ට කථාකොට: යුද්ධයට මා සමඟ රාමොත්-ගිලියද්ට යන්නෙහිදැයි ඇසුවේය. යෙහෝෂාපාට්ද: මමත් ඔබ වාගේය, මාගේ සෙනඟත් ඔබගේ සෙනඟ වාගේය, මාගේ අශ්වයොත් ඔබගේ අශ්වයන් වාගේයයි ඉශ්‍රායෙල් රජුට කීවේය.


ප්‍රොපේතවරුන්ගේ පුත්‍රයන්ගෙන් එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ සහකාරයාට ස්වාමීන්වහන්සේගේ වචනයෙන් කථාකොට: මට ගසන්නැයි කීය. නමුත් ඒ මනුෂ්‍යයා ඔහුට ගසන්ට අකැමැතිවුණේය.


ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.


බාල්-පෙයෝර් නිසා ස්වාමීන්වහන්සේ කළ දෙය නුඹලාගේ ඇස්වලින් දුටුවහුය. මක්නිසාද බාල්-පෙයෝර් පස්සේ ගිය සියලු මනුෂ්‍යයන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙන් විනාශකළසේක.


ප්‍රොපේත පුත්‍රයන්ගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියෙක් එලිෂාට මොරගසා: ඔබගේ මෙහෙකරුවූ මාගේ පුරුෂයා මළේය. ඔබගේ මෙහෙකරුවා ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටි බව ඔබ දන්නෙහිය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්ට ඇවිත් සිටීයයි කීවාය.


ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ සුවඳ තෙලින් පිරෙවු සුදු ගල් කරඬුවක් ගෙන උන්වහන්සේ ළඟට ඇවිත්, කෑමට හිඳගන හුන් උන්වහන්සේගේ හිසේ වත්කළාය.


නිම්ෂිගේ පුත්‍රවූ යේහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට ආලේපකරන්න. ආබෙල්-මෙහොලාහි ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා නුඹ වෙනුවට අනාගතවක්තෘකමට ආලේපකරන්න.


මෙසේ ඒ තරුණ ප්‍රොපේත තැන රාමොත්-ගිලියද්ට ගියේය.


යෙරිකෝවෙහි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද නුඹේ ස්වාමියා නුඹ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි උත්තර දුන්නේය.


ප්‍රොපේත පුත්‍රයන්ගෙන් පනස්දෙනෙක්ද ගොස් ඔවුන් ඉස්සරහපිට දුරින් සිටියෝය. ඒ දෙදෙනාද යොර්දාන ළඟ සිටියෝය.


ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.


යෙරුසලමේ වැසියෝ ඔහුගේ බාල පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. මක්නිසාද අරාබිවරුන් සමඟ කඳවුරට ආ හමුදාව සියලු වැඩිමහල් පුත්‍රයන් මැරුවෝය. එබැවින් යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත් අහසියා රජකම්කෙළේය.


ඔහුත් ඔවුන්ගේ මන්ත්‍රණය ලෙස හැසිර, ආහබ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙහෝරාම් සමඟ සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව රාමොත්-ගිලියද්හි යුද්ධකරන්ට ගියේය. සිරියවරු යෝරාම්ට තුවාලකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්