Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:35 - Sinhala Revised Old Version

35 ඉන්පසු සාමුවෙල් තමා මැරෙන දවස දක්වා තවත් සාවුල් දකින්ට නායේය. නුමුත් සාමුවෙල් සාවුල් ගැන ශෝකවිය. ස්වාමීන්වහන්සේද සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට පත්කළ බැවින් තැවුණුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඉන්පසු සාමුවෙල් ජීවිතාන්තය දක්වා තවත් සාවුල් දුටුවේ නැත. එහෙත්, සාමුවෙල් සාවුල් ගැන ශෝක විය. සමිඳාණන් වහන්සේ සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඉන්පසු සාමුවෙල් ජීවිතාන්තය දක්වා තවත් සාවුල් දුටුවේ නැත. එහෙත්, සාමුවෙල් සාවුල් ගැන ශෝක විය. සමිඳාණන් වහන්සේ සාවුල් ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත් කළ බැවින් තැවුණු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:35
10 හුවමාරු යොමු  

ඔහු තමාගේ වස්ත්‍ර ගළවා දමා, සාමුවෙල් ඉදිරියෙහි ධර්මවාක්‍ය පවසා, ඒ මුළු දවාලෙත් ඒ මුළු රාත්‍රියෙත් නග්නව වැටී උන්නේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේදැයි මනුෂ්‍යයෝ කියති.


මම සාවුල් රජකමට පත්කළ බැවින් තැවෙමි. මක්නිසාද ඔහු මාගේ ආඥා නොපවත්වා, මාගේ වචනය ඉෂ්ටනොකර, මා අනුව යාමෙන් අහක්ව ගියේයයි කීසේක. සාමුවෙල් උදහස්වී රාත්‍රිය මුළුල්ලේ ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති.


තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.


මම ද්‍රෝහිකම්කරන්නන් දැක දුක්වීමි; මක්නිසාද ඔව්හු ඔබගේ වචනය නොපවත්වති.


මනුෂ්‍යයන් ඔබගේ ව්‍යවස්ථාව නොපවත්වන බැවින්, මාගේ ඇස්වලින් දිය ධාරා ගලා යෙති.


එබැවින් සාවුල්ගේ දුවවූ මීඛල්ට ඈ මැරෙන දවස දක්වා දරුවෙක් නොලැබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්