1 රාජාවලිය 8:34 - Sinhala Revised Old Version ඔබ ස්වර්ගයේ සිට අසා වදාරා ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපයට කමාවී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව. Sinhala New Revised Version ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව. Sinhala New Revised Version 2018 ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව. |
ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්ව ඇසුව මැනව. එසේය, ස්වකීය වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට ඇසුව මැනව; අසා කමාවුණමැනව.
ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔවුන් දෙවනු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර, මේ ගෘහයේදී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,
ඔවුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් අහස පියවී වර්ෂාව නැතුව යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම්කරන බැවින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤාකොට ඔබගේ නාමය ප්‍රකාශකර තමුන්ගේ පාපය අත්ඇරියොත්,
අපගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබට ප්‍රශංසාකිරීමෙන් ජය නාද පවත්වන පිණිසත්, අප ගළවා ජාතීන් අතරෙන් රැස්කොටගත මැනව.
ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක.
බලව, මම ඉශ්‍රායෙල් වංශයද යූදා වංශයද නැමති කෙත්වල මනුෂ්‍ය බීජ සහ මෘග බීජද වපුරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.
එසේ යෙරුසලමට සිද්ධවුණු හැටියට මුළු අහස යට සිද්ධ නූණ ආකාර මහත් විපතක් අප කෙරෙහි පැමිණවීමෙන් උන්වහන්සේ අපටත් අප විනිශ්චයකළ අපේ විරුද්ධකාරයන්ටත් විරුද්ධව කී වචන ඉෂ්ටකළ සේක.
ස්වාමීන්වහන්ස, ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, කමාවුව මැනව, ස්වාමීන්වහන්ස, ඇහුම්කන්දුන මැනව; මාගේ දෙවියන්වහන්ස, ප්‍රමාද නොවී, ඔබ නිසාම එය ඉෂ්ටකළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝයයි කීවෙමි.
එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත.
තවද උන් දේශයේ පලාජාති කා තීන්දුකළ විට මම කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, කමාවුව මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි.
තවද මා විසින් නුඹ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ නුඹ පිටට පැමිණි කල්හි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් නුඹ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන,
නුඹෙන් පිටිවහල්කරනු ලැබූ කිසිවෙක් අහසේ කෙළවර දක්වා දුරව සිටියත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් පවා නුඹ රැස්කොට එතැනින් නුඹ ගෙනෙනසේක.
මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.