Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 106:46 - Sinhala Revised Old Version

46 ඔවුන් වහල්කොට ගෙනගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්ට සැලැස්වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

46 ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 106:46
8 හුවමාරු යොමු  

ඔහු විසින් නුඹලාට අනුකම්පාකොට නුඹලාගේ රටට හැරීයන්ට ඉඩදෙන හැටියට නුඹලා කෙරෙහි දයාවෙන්ට සලස්වන්නෙමි.


මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යූදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.


සැබවින් නුඹේ යහපත පිණිස නුඹ නිදහස්කරන්නෙමි; සැබවින්ම නරක කාලයෙහිත් විපත්ති කාලයෙහිත් සතුරා විසින් නුඹට කන්නලව්කරන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔබට විරුද්ධව පව්කළ ඔබගේ සෙනඟ ඔබට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අපරාධවලට ඔවුන්ට කමාවී, ඔවුන් වාලට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පාකරන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබාදුනමැනව.


අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.


මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරුණොත්, නුඹලාගේ සහෝදරයන්ද දරුවන්ද තමුන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනවා ඇත. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවද අනුකම්පාවද ඇත්තාවූ කෙනෙක්ය, නුඹලා උන්වහන්සේ වෙතට හැරුණොත් උන්වහන්සේ ස්වකීය මුහුණ නුඹලා කෙරෙන් හරවා නොගන්නාසේකැයි කීවෝය.


ඔබ ස්වර්ගයේ සිට අසා වදාරා ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගේ පාපයට කමාවී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත පැමිණෙවුව මැනව.


ඔවුන් අවට සිටි සියල්ලෝද සිය කැමැත්තෙන් දුන් සියලු පඬුරු හැර රිදී භාණ්ඩවලිනුත් රන්වලිනුත් බඩුවලිනුත් මෘගයන්ගෙනුත් අනර්ඝ දේවලිනුත් ඔවුන්ට උපකාරකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්