Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:19 - Sinhala Revised Old Version

19 ස්වාමීන්වහන්ස, ඇසුව මැනව; ස්වාමීන්වහන්ස, කමාවුව මැනව, ස්වාමීන්වහන්ස, ඇහුම්කන්දුන මැනව; මාගේ දෙවියන්වහන්ස, ප්‍රමාද නොවී, ඔබ නිසාම එය ඉෂ්ටකළ මැනව; මක්නිසාද ඔබගේ නුවරත් ඔබගේ සෙනඟත් ඔබගේ නාමය දරන්නෝයයි කීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 සමිඳාණන් වහන්ස, ඇසුව මැනව, සමිඳාණන් වහන්ස, කමා වුව මැනව; සමිඳාණන් වහන්ස, සවන් දී ක්‍රියා කළ මැනව. මාගේ දෙවියන් වහන්ස, ඔබේ ගෞරවය උදෙසා ප්‍රමාද නුවුව මැනව. මන්ද, ඔබේ නුවරත්, ඔබේ සෙනඟත් ඔබේ නාමය දරන බැවිනි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:19
32 හුවමාරු යොමු  

මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කන් නමා ඇසුව මැනව; ඔබගේ ඇස් හැර අපේ අසරණකමද ඔබගේ නාමය දරන නුවරද බැලුව මැනව. මක්නිසාද අපේ කන්නලව් අප විසින් ඔබ ඉදිරියෙහි ඔප්පුකරන්නේ අපේ ධර්මිෂ්ඨකම් නිසා නොව ඔබගේ මහත් අනුකම්පාවල් නිසාය.


නුඹලාට කියමි–ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක.


තවද උන් දේශයේ පලාජාති කා තීන්දුකළ විට මම කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, කමාවුව මැනව. යාකොබ් කුඩා නිසා ඔහු පවතින්නේ කෙසේදැයි කීවෙමි.


එසේ කළේ අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ විසින් අභිප්‍රායකරනලද සදාකාල අභිප්‍රායේ ප්‍රකාරයට,


එසේ වුණේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය.


ඔබ ත්‍රස්තවී සිටින මනුෂ්‍යයෙකු මෙන්ද ගළවන්ට බැරි බලවන්තයෙකු මෙන්ද සිටින්නෙක් මක්නිසාද? එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ අප මධ්‍යයෙහි සිටිනසේක, ඔබගේ නාමයත් අප කෙරෙහි තබා තිබේ; අප අත්නෑරිය මැනව.


ස්වාමීන්වහන්ස, අපේ අයුතුකම් අපට විරුද්ධව සාක්ෂිදෙන නුමුත් ඔබගේ නාමය නිසා ක්‍රියාකළ මැනව. මක්නිසාද අපේ පසුබටවීම් බොහෝය; අපි ඔබට විරුද්ධව පව්කෙළෙමුව.


ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය.


තමන්වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියමකළසේක.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.


එබැවින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්‍රායෙල් වංශයට කියන්න–එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා නිසා නොව නුඹලා පැමිණි තැන්වල ජාතීන් අතරෙහි නුඹලා විසින් කෙලෙසූ මාගේ ශුද්ධ නාමය උදෙසා ක්‍රියාකරමි.


නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.


නුමුත් ජාතීන් ඉදිරියෙහි මා විසින් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි.


නුමුත් ඔවුන් වට කර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලහෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි. මක්නිසාද ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්ට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට ප්‍රකාශවුණෙමි.


මක්නිසාද, මෙන්න, මාගේ නාමය තබා තිබෙන නුවරට විපත්ති පමුණුවන්ට මම පටන්ගනිමි; එසේ නම් නුඹලා දඬුවම් නොලැබම සිටිනවා ඇද්ද? නුඹලා දඬුවම් නොලැබ නොසිටින්නහුය. මක්නිසාද පොළොවේ සියලු වැසියන්ට විරුද්ධව කඩුවක් ගෙන්වමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.


ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔබ ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කොට, ඔබට විරුද්ධව පව්කළාවූ ඔබගේ සෙනඟට කමාවුව මැනව.


ඔබගේ මෙහෙකරුවාද ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ද මේ ස්ථානය දෙසට හැරී ඔප්පුකරන ඔවුන්ගේ කන්නලව්වට කන්දුන මැනව. එසේය, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව; අසා කමාකළ මැනව.


මෙයින් පසු මම හැරී ඇවිත්, දාවිත්ගේ වැටුණාවූ මණ්ඩපය නැවත ගොඩනගා, එහි නටබුන් තැන් නැවත ගොඩනගා, ඒක පිහිටුවන්නෙමියි


මෙසේ ඔව්හු මාගේ නාමය ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට තබත්වා; මමද ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි කීසේක.


එනම් මාගේ නාමය දරන්නාවූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවාවූ සියල්ලන් ගෙනෙන්නැයි කියාත් කියන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්