Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:43 - Sinhala Revised Old Version

43 මෙසේ ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළාවූ මුළු දේශය උන්වහන්සේ ඔවුන්ට දුන්සේක; ඔව්හු ඒක හිමිකරගෙන එහි විසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:43
26 හුවමාරු යොමු  

මක්නිසාද නුඹ දක්නාවූ මුළු දේශය නුඹටද නුඹේ වංශයටද සදාකාලයටම දෙන්නෙමි.


දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන්නාවූ නුඹ විදේශීව සිටින්නාවූ දේශය නුඹට උරුමවෙන පිණිස නුඹටත් නුඹේ වංශයටත් ආබ්‍රහම්ගේ ආශීර්වාදය දෙනසේක්වයි ඔහුට කීවේය.


මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී එය හිමිකරගන්න පිණිස නුඹලා යොර්දානෙන් එතරට යන්ට සිටිනහුය, නුඹලා ඒක හිමිකරගෙන එහි වාසය කරන්නහුය.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයට නුඹ පැමිණ ඒක හිමිකරගන එහි වාසයකරන විට, මා වටකර සිටින සියලු ජාතීන් මෙන් මා කෙරෙහි රජෙකු පත්කරගන්නෙමියි කීවොත්,


ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹේ වංශයට දෙන්නෙමියි කියා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දිවුළ දේශය මේය. ඒක නුඹේ ඇස්වලින් දකින්ට සැලැස්වීමි. එහෙත් නුඹ එහි නොයන්නෙහියයි කීසේක.


දේශය හිමිකර ගෙන එහි වාසයකරන්න. මක්නිසාද හිමිකරගැනීමට දේශය මා විසින් නුඹලාට දී තිබේ.


මේ නුවරවලින් එක එක නුවර වටකර පිට-බිම් තිබුණේය. ඒ සියලු නුවරවල් ඒ ආකාරව තිබුණේය.


ඔබ ඉදිරියෙහි ඔහුගේ සිත විශ්වාසව තිබෙන බව දැක, ඔබ කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද ගිර්ගාෂිවරුන්ගේද දේශය දෙන්ට–ඔහුගේ වංශයට දෙන්ට–ඔහු සමඟ ගිවිසුමක් කර, ඔබගේ වචන ඉෂ්ටකළසේක; මක්නිසාද ඔබ ධර්මිෂ්ඨය.


ඔවුන්ගේ දරුවෝද ඇතුල්වී දේශය හිමිකරගත්තෝය. ඔබ ඔවුන්ට පෙරටුවෙන් දේශයේ වැසියන්වූ කානානිවරුන් යටත්කර, ඔවුන්ගේ කැමැත්ත ලෙස කිරීමට ඒ තැනැත්තන්ද ඔවුන්ගේ රජවරුන්ද දේශයේ ජාතීන්ද ඔවුන් අතට පාවාදුන්සේක.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා කානාන් දේශයට පැමිණි කල්හි නුඹලාට උරුමයක් කොට වැටෙන දේශය නම් ඒකේ සීමාවල ප්‍රකාරයට කානාන් දේශයය.


නුඹ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, නුඹ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට,


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.


නුඹේ දෙවිවූ කෙමොෂ් නුඹට හිමිකරගැනීමට දෙන දේ නුඹ හිමිකරගන්නවා නොවේද? එලෙසම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙන් පන්නාදැමූ සියල්ලන්ගේ රට අපිත් හිමිකරගනිමුව.


යාකොබ් මිසරයට පැමිණියාට පසු නුඹලාගේ පියවරුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා නුඹලාගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක.


ඔව්හු මෙහි වාසයකොට, ඔබගේ නාමයට මෙහි ශුද්ධස්ථානයක් ගොඩනගා කථාකොට–


ඔවුන් ඉදිරියෙන් ජාතීන් එළවා, ලනුවෙන් ඔවුන්ට උරුමයක් බෙදාදී, ඔවුන්ගේ කූඩාරම්වල ඉශ්‍රායෙල් ගෝත්‍රයන් වාසයකෙරෙවුසේක.


උන්වහන්සේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහිකළසේක.


ඔව්හුද ඇතුල්වී ඒක හිමිකරගත්තෝය; නුමුත් ඔවුන් ඔබගේ හඬට කීකරුවුණේවත් ඔබගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසුරුණේවත් ඔවුන්ට කරන්ට ඔබ අණකළ සියල්ල කළේවත් නැත. ඉන්නිසා ඔබ මේ මුළු විපත්තිය ඔවුන්ට පැමිණෙවුසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්