එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹේ කටියෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ගෘහය ගොඩනගන්නේයයි කීසේක.
1 රාජාවලිය 5:3 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය. Sinhala New Revised Version “සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය. Sinhala New Revised Version 2018 “සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ගේ සතුරන් පරාජය කරන තෙක් හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නට ඔහුට බැරි වූ බව ඔබ දන්නෙහි ය. |
එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹේ කටියෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ගෘහය ගොඩනගන්නේයයි කීසේක.
එහෙත් ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: නුඹ බොහෝසේ ලේ වැගිරීමත් මහත් යුද්ධත් කෙළහිය. එසේ නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවු නිසා මාගේ නාමයට ගෘහයක් ගොඩනොනගන්නෙහිය.
එකල දාවිත් රජ නැගී සිට කථාකොට: මාගේ සහෝදරයෙනි, මාගේ ජනයෙනි, මට ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තැබීමටද අපේ දෙවියන්වහන්සේගේ පාපුටුව කොටද විශ්‍රාම නිවාසයක් ගොඩනගන්ට මාගේ සිතේ තිබුණේය; ඒක ගොඩනැගීමට මා විසින් සූදානම්කරලාත් තිබුණේය.
නුමුත් දෙවියන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනගන්නෙහිය, මක්නිසාද නුඹ යුද්ධකාර මනුෂ්‍යයෙක, ලේ වැගිරෙවුවෙහියයි කීසේක.
ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.
ඇරත් යුදෙව්වරුන් සහ මුලාදෑනීන් එකසිය පනස් දෙනෙක්ද අප අවට සිටිය ජාතීන් වෙතින් අප ළඟට ආ තැනැත්තෝද මාගේ මේසයේ හිඳගත්තෝය.
මට දවස්පතා පිළියෙළ කරනලද්දේ ගොනෙකුත් තර බැටළුවන් හදෙනෙකුත්ය; මේ හැර පක්ෂීන්ද දස දවසකට වරක් සියලු වර්ගවල මුද්‍රිකපාන බොහොමයක්ද පිළියෙළ කරනලද්දේය. එසේ වී නුමුත් මෙහෙවරය මේ සෙනඟට බරක්ව තිබුණු නිසා දිශාධිපතියාට නිසි කෑම නොඉල්ලීමි.
ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක
නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහුය; මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත්කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන්වහන්සේ නියම කළසේක.
ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.
තවද ඔවුන් ඒ රජුන් යෝෂුවා වෙතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් කැඳවා තමා සමඟ ගිය යුද්ධකාරයන්ගේ අධිපතීන්ට කථාකර: ළංවී නුඹලාගේ පාද මේ රජුන්ගේ කුළල් මත්තෙහි තබන්නැයි කීවේය. ඔව්හු ළංව තමුන්ගේ පාද ඔවුන්ගේ කුළල් මත්තෙහි තැබුවෝය.