Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 22:8 - Sinhala Revised Old Version

8 එහෙත් ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: නුඹ බොහෝසේ ලේ වැගිරීමත් මහත් යුද්ධත් කෙළහිය. එසේ නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවු නිසා මාගේ නාමයට ගෘහයක් ගොඩනොනගන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එහෙත්, සමිඳාණන් වහන්සේ මට පණිවුඩයක් ප්‍රකාශ කරමින්, ‘නුඹ බොහෝ සේ ලේ වැගිරීමත්, මහා යුද්ධත් කෙළෙහි ය. එලෙස නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවූ නිසා මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එහෙත්, සමිඳාණන් වහන්සේ මට පණිවුඩයක් ප්‍රකාශ කරමින්, ‘නුඹ බොහෝ සේ ලේ වැගිරීමත්, මහා යුද්ධත් කෙළෙහි ය. එලෙස නුඹ මා ඉදිරියෙහි බොහෝ ලේ බිම වැගිරෙවූ නිසා මාගේ නාමයට මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 22:8
9 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේ මට කථාකොට: නුඹ මාගේ නාමයට ගෘහයක් ගොඩ නොනගන්නෙහිය, මක්නිසාද නුඹ යුද්ධකාර මනුෂ්‍යයෙක, ලේ වැගිරෙවුවෙහියයි කීසේක.


ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය.


සත්වෙනි දවසේ නුඹලාගේ වස්ත්‍ර සෝදාගන්න, එවිට නුඹලා පවිත්‍රවන්නහුය, ඉන් පසු කඳවුරට ඇතුල්වෙන්ට පුළුවනැයි කීවේය.


සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද නුඹලාම පවිත්‍රකරන්නැයි කීවේය.


එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹේ කටියෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ගෘහය ගොඩනගන්නේයයි කීසේක.


ඉතින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබට පසුව මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සිංහාසනය පිට හිඳගත යුත්තේ කවුද කියා ඔබ විසින් ඉශ්‍රායෙල්වරුන්ට දන්වනවා ඇත කියා ඔවුන් සියල්ලෝ බලා සිටිති.


කැපූ ගල්වලින් ගෘහයේ අත්තිවාරම තබන පිණිස රජුගේ ආඥාව පිට මහත්වූද අනර්ඝවූද ගල් ගෙනාවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්