Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:4 - Sinhala Revised Old Version

4 ඔහුගේ මෙහෙකරුවන්ගේ හිදීම හා ඔහුගේ ඇමතියන්ගේ සේවයද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ පානපාත්‍රා දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම්ද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළද දුටු කල ඕතොම මවිතවූවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහුගේ මෙහෙකරුවන්ගේ වාසස්ථාන හා ඔහුගේ ඇමතියන්ගේ සේවය ද ඔවුන්ගේ ඇඳුම් ද ඔහුගේ පානපාත්‍ර දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම් ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල ෂෙබාහි බිසව තුෂ්ණීම්භූත වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඔහුගේ මෙහෙකරුවන්ගේ වාසස්ථාන හා ඔහුගේ ඇමතියන්ගේ සේවය ද ඔවුන්ගේ ඇඳුම් ද ඔහුගේ පානපාත්‍ර දරන්නන් හා ඔවුන්ගේ ඇඳුම් ද ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල ෂෙබාහි බිසව තුෂ්ණීම්භූත වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:4
22 හුවමාරු යොමු  

මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.


මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,


ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔව්හු වාසනාවන්තයෝය. සැබවක් නුඹලාට කියමි–ඔහු තමාගේ ඉඟටිය බැඳගෙන, ඔවුන් කෑමට හිඳුවා, ඇවිත් ඔවුන්ට උපස්ථානකරන්නේය.


මේ මාගේ ස්වාමීහුගේ මෙහෙකරුවාට මේ මාගේ ස්වාමීන් සමඟ කථාකරන්ට පුළුවන් කොහොමද? මෙතැන් පටන් මා තුළ නම් කිසි ශක්තියක් නොතිබුණේය, හුස්මද මා තුළ ඉතිරි නොවීයයි කීවෙමි.


අධිපතියාද දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් පිටතින් ඇතුල්වී, දොරටුවේ කණුව ළඟ සිටින්නේය, පූජකයෝ ඔහුගේ දවන පූජාවද ඔහුගේ ශාන්ති පූජාවද පිළියෙළකරන්නෝය, ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාරකොට පිටතටයන්නේය. නුමුත් සවස්වෙන තුරු දොරටුව නොවසා තිබිය යුතුය.


අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන්ම පිටතට යනවා ඇතැයි කීසේක.


යෙරුසලමේ දූවරුනි, මාගේ ප්‍රේමවන්තයා නුඹලාට සම්බවුණොත්, මා ප්‍රේමාතුරව සිටින බව දන්වන ලෙස නුඹලා දිවුරවමි.


එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.


ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.


මාගේ ආත්මය ඔබගේ ගැළවීමට ආශාවෙන් වෑරෙයි. මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි.


අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.


ඈ බැලූ විට ඇතුල්වෙන තැන රජ තමාගේ මංචකය උඩ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත්, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත්ව හොරණෑ, පිඹිනවාත්, ගීකියන්නන්ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන්ද ප්‍රශංසා ගී කියනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමයයි කීවාය.


මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ.


සබත් දවසේ යාම පිණිස ගෘහයෙහි සාදා තිබුණ ඇහුරූ මාර්ගයද රජුට ඇතුල්වීමට තිබුණු පිට ස්ථානයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය දෙසට හරවා තැබීය.


ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී,


එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි.


ෂෙබාහි බිසව සාලමොන්ගේ ප්‍රඥාවද ඔහු විසින් ගොඩනගනලද ගෘහයද ඔහුගේ මේසයේ කෑමද


ඈ රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ කාරණාද ඔබගේ ප්‍රඥාවද ගැන මා ඇසූ ප්‍රවෘත්තිය සැබෑය.


සාලමොන් හීරාම් වෙත පණිවිඩයක් යවමින්:


ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්