Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 10:24 - Sinhala Revised Old Version

24 තවද ඔවුන් ඒ රජුන් යෝෂුවා වෙතට ගෙනා කල, යෝෂුවා සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයන් කැඳවා තමා සමඟ ගිය යුද්ධකාරයන්ගේ අධිපතීන්ට කථාකර: ළංවී නුඹලාගේ පාද මේ රජුන්ගේ කුළල් මත්තෙහි තබන්නැයි කීවේය. ඔව්හු ළංව තමුන්ගේ පාද ඔවුන්ගේ කුළල් මත්තෙහි තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඔවුන් ඒ රජුන් ජෝෂුවා වෙත ගෙනා කල, ජෝෂුවා සියලු ඉශ්රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ භටයන්ගේ අධිපතීන්ට කතා කොට, “ළං වී ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ”යි කීවේ ය. ඔව්හු ළං ව තමන්ගේ පාද ඔවුන්ගේ ගෙල මත තැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඔවුන් ඒ රජුන් ජෝෂුවා වෙත ගෙනා කල, ජෝෂුවා සියලු ඉශ්රායෙල් මිනිසුන් කැඳවා, තමා සමඟ ගිය යුද්ධ භටයන්ගේ අධිපතීන්ට කතා කොට, “ළං වී ඔබේ පාද මේ රජුන්ගේ ගෙල මත තබන්නැ”යි කීවේ ය. ඔව්හු ළං ව තමන්ගේ පාද ඔවුන්ගේ ගෙල මත තැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 10:24
18 හුවමාරු යොමු  

සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.


නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහුය; මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක.


ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්ට කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරනතෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කීසේක


උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක.


එම්බා ඉශ්‍රායෙල්, නුඹ වාසනාවන්තය. ස්වාමීන්වහන්සේ විසින් මුදන ලද සෙනඟක්වූ නුඹට සමාන කවුද? උන්වහන්සේ නුඹට උපකාර කරන පලිහත් නුඹේ මහිමයේ කඩුවත්ය. නුඹේ සතුරෝ නුඹට යටත් වන්නෝය; නුඹද ඔවුන්ගේ උසස්ථාන පාගන්නෙහියයි කීය.


නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.


මාගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක.


ඔහු තමාගේ කුලුඳුලාවූ යෙතෙර්ට: නැගිට ඔවුන් මරන්නැයි කීය. නුමුත් ඒ තරුණයා භයව කඩුව නොඇද සිටියේය, මක්නිසාද ඔහු ඒතාක් තරුණයෙක්ව සිටියේය.


නුමුත්: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි දේවදූතයන්ගෙන් කවරෙකුට කොයි කලක උන්වහන්සේ කීසේක්ද?


මට ද්වේෂකරන්නන් මා විසින් සිඳදමන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටිපාන්ට සැලැස්වූසේක.


නුමුත්: අප විසින් නුඹ පාගායන පිණිස වැටී ඉන්නැයි නුඹේ ආත්මයට කීවාවූ නුඹේ පීඩාකාරයන්ගේ අතට ඒක දෙන්නෙමි. එලෙස නුඹ නුඹේ පිට බිම මෙන්ද පාගායන්නන්ට වීථිය මෙන් ද තැබුවෙහිය.


නැගිටින්ට බැරිවන ලෙස මම ඔවුන්ට පහරදී ඔවුන් සුන්කෙළෙමි. එසේය, ඔව්හු මාගේ පාද යට වැටුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්