Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 5:4 - Sinhala Revised Old Version

4 නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශුභ සිද්ධියක්වත් නැත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 5:4
11 හුවමාරු යොමු  

නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.


මක්නිසාද ඔහු තිප්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය.


මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.


මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.


උන්වහන්සේගේ දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.


නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද?


අෂ්දොද්ද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය; මිසරයේ ඔය සහ මහ මුහුදත් එහි අසබඩත් දක්වා ගාසාද ඊට අයිති නුවරවල් සහ ගම්ද යන මේවාය.


සාලමොන්ගේ වඩුවෝද හීරාම්ගේ වඩුවෝද ගෙබලිවරුද ඒවා කැපුවෝය, මෙසේ ගෘහය තැනීමට ඔව්හු ලී දඬුද ගල්ද සූදානම්කළෝය.


හදද් කළ අනතුර ඇර ඔහුද සාලමොන්ගේ සියලු දවස්වල ඉශ්‍රායෙල්වරුන්ට සතුරෙක්ව සිට, ඉශ්‍රායෙල්වරුන් පිළිකුල්කොට, සිරිය රට කෙරෙහි රජකම්කෙළේය.


ඔහු ගාසා සහ එහි සීමාවල් දක්වාද මුර කොටුව පටන් පවුරු සහිත නුවර දක්වාද පිලිස්තිවරුන්ට පහර දුන්නේය.


ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්