ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 3:7 - Sinhala Revised Old Version

දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දැනුදු මාගේ දෙවි සමිඳුනි, ඔබ මාගේ පිය වූ දාවිත් වෙනුවට ඔබේ දාසයා රජ කොට පත් කළ සේක. මම ළා බාල කෙනෙක්මි, රට පාලනයේ දක්ෂකමක් මට නැත.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 3:7
21 හුවමාරු යොමු  

පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.


දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.


නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.


තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේටය.


දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක.


විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.


එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!


එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි.


නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.


කාලවල්ද ප්‍රස්තාවල්ද වෙනස්කරන්නෙත් රජවරුන් පහකරන්නෙත් රජවරුන් පත්කරන්නෙත් ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාවද නුවණ ඇත්තන්ට දැනුමද දෙන්නෙත් උන්වහන්සේය.


ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත.


නුඹ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, නුඹේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය; ගවයන්ට මෙන් නුඹට තෘණ කවනු ලබන්නේය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දෙන බව නුඹ දැනගන්න තුරු, නුඹ කාලවල් සතක් පසු කරනවා ඇතැයි නුඹට කියනලද්දේයයි කීවේය.


රජ්ජුරුවෙනි, මහෝත්තම දෙවියන්වහන්සේ රජකමද මහන්තත්වයද ගෞරවයද මහිමයද ඔබගේ පියවූ නෙබුකද්නෙශර්ට දුන්සේක.


මහෝත්තම දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි බල පවත්වා, උන්වහන්සේ කැමැති කෙනෙකු එය කෙරෙහි පත්කරන බව ඔහු දැනගන්න තුරු, මනුෂ්‍ය පුත්‍රයන් වෙතින් පන්වනු ලැබ, ඔහුගේ සිත මෘග සිතකට සමානව, ඔහුගේ වාසය වල්කොටළුවන් සමඟ වූයේය; ගොනුන්ට මෙන් ඔහුට තෘණ කවනු ලැබ, ඔහුගේ ශරීරයද අහසේ පින්නෙන් තෙමුණේය.


ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය.


දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය.


ඔහු ඔවුන්ට කථාකොට: මම අද අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටිමි; තවත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොහැක්කෙමි. නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහියයි ස්වාමීන්වහන්සේ මට කීසේක.


නුමුත් සියලු ඉශ්‍රායෙල්වරුද යූදාවරුද දාවිත්ට ප්‍රේමකළෝය; මක්නිසාද ඔහු ඔවුන්ට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.