Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 27:17 - Sinhala Revised Old Version

17 ඔවුන්ට පෙරටුව පිටතට යන්ටත් ඔවුන්ට පෙරටුව ඇතුළට එන්ටත් ඔවුන් පිටතට ගෙනයන්ටත් ඇතුළට ගෙන එන්ටත් සභාව කෙරෙහි මනුෂ්‍යයෙකු පත්කරනසේක්වයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 27:17
19 හුවමාරු යොමු  

එඬේරෙක් නැතුව උන් විසිර ගොස් වනයේ සියලු සත්වයන්ට ගොදුරු වූවෝය, උන් විසිරගියෝය.


උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.


උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.


තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.


එබැවින් මා මේ සෙනඟ ඉදිරියෙහි යන එන පිණිස මට ප්‍රඥාවත් දැනගැන්මත් දුන මැනව. මක්නිසාද ඔබගේ මේ මහත්වූ සෙනඟ විනිශ්චයකරන්ට කාට පුළුවන්දැයි දෙවියන්වහන්සේට කීවේය.


ඔහු ඔවුන්ට කථාකොට: මම අද අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටිමි; තවත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොහැක්කෙමි. නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහියයි ස්වාමීන්වහන්සේ මට කීසේක.


දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි.


ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.


අපත් සෑම ජාතීන්ට සමාන වන පිණිසද අපේ රජ විසින් අප විනිශ්චයකරන පිණිසද අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල් කරන පිණිසද අප කෙරෙහි රජෙක් සිටින්ටම ඕනෑයයි කීවෝය.


මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාවයමින් සිටියහුය; නුමුත් දැන් නුඹලාගේ ආත්මවල එඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.


දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය.


නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක.


ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න.


එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.


එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර ඉඳිනු දුටුමි. එවිට ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත; එකිනෙකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරීයේවයි කියා වදාළසේකැයි කීවේය.


පසුගිය කාලයේ සාවුල් අප කෙරෙහි රජ ව සිටි කල්හි ඉශ්‍රායෙල්වරුන් පිටතට ගෙනගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබමය. ස්වාමීන්වහන්සේ ඔබට කථාකොට–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනය කරමින් ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි කීසේකැයි කීවෝය.


නුඹලා එක එකා තම තමාගේ ආයුධ අතින් ගෙන රජු වටකර සිට පංක්ති ඇතුළට එන තැනැත්තා මරන්ට ඕනෑය. රජ යන එන විට නුඹලා ඔහු සමඟ සිටින්නය කියා ඔවුන්ට අණකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්