Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 29:1 - Sinhala Revised Old Version

1 තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 29:1
17 හුවමාරු යොමු  

දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.


දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි.


කමකට නැති දුර්ජනයෝවූ මනුෂ්‍යයෝ ඔහුට එකතුව සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට විරුද්ධව තමුන්ම සවිකරගත්තෝය, ඔහු බාලව සිතින් මෘදුව සිටි බැවින් ඔවුන්ට විරුද්ධව සිටින්ට ඔහුට බැරිවුණේය.


මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.


ඔබගේ ආඥාද ශික්ෂාද පනත්ද පවත්වන්ටත්, මේ සියල්ලම ඉෂ්ටකරන්ටත්, මා විසින් සූදානම්කර තිබෙන මාලිගාව ගොඩනගන්ටත් මාගේ පුත්‍රවූ සාලමොන්ට සම්පූර්ණ සිතක් දුනමැනවයි කීවේය.


ඉතින් බලාගන්න; මක්නිසාද ශුද්ධස්ථානයක් කොට ගෘහයක් ගොඩනැගීමට ස්වාමීන්වහන්සේ නුඹ තෝරාගන සිටිනසේක. ශක්තිමත්ව සිට ඒක කරන්නැයි කීවේය.


ඉතින් නුඹලා මේ හොඳ දේශය භුක්තිවිඳ, නුඹලාට පසුව නුඹලාගේ පුත්‍රයන්ට ඒක සදාකාලේටම උරුමකරදෙන පිණිස, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා පවත්වමින් ඒවා සොයන්නය කියා ස්වාමීන්වහන්සේගේ සභාව වන සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් ඉදිරිපිටද අපේ දෙවියන්වහන්සේට ඇසෙන ලෙසද මම නුඹලාට අවවාදකරමි.


තවද දාවිත් ඉශ්‍රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන්ද රජුට සේවයකළ පංක්තිවල අධිපතීන්ද සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තුව සහ සම්පත්වල අධිපතීන්ද ඇමතියන් සහ බලවන්තයිනුත් සියලු බලවන්ත යුද්ධකාරයිනුත් සමඟ යෙරුසලමට කැඳවාගත්තේය.


මම රජ මෙන් ආලේපලත්තෙම් නුමුත් අද දුර්වලව සිටිමි; ශෙරුයාගේ පුත්‍රයෝ වූ මේ මනුෂ්‍යයෝ මට සැර වැඩිය. නපුර කරන්නාට ඔහුගේ නපුරුකම ලෙස ස්වාමීන්වහන්සේ විපාක දෙනසේක්වයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම යාකොබ්ගේ කූඩාරම්වල වහල්කම පහකොට, ඔහුගේ වාසස්ථානවලට අනුකම්පාකරන්නෙමි; නුවරද එහි හෙලපිට ගොඩනගනු ලැබ, මාළිගාව තිබුණු හැටියට පවතින්නේය.


ඉතින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබට පසුව මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සිංහාසනය පිට හිඳගත යුත්තේ කවුද කියා ඔබ විසින් ඉශ්‍රායෙල්වරුන්ට දන්වනවා ඇත කියා ඔවුන් සියල්ලෝ බලා සිටිති.


තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.


සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්