Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 22:5 - Sinhala Revised Old Version

5 දාවිත් කථාකොට: මාගේ පුත්‍රවූ සාලමොන් ළාබාලය, ස්වාමීන්වහන්සේට ගොඩනගන්ට තිබෙන ගෘහයේ කීර්තියද තේජසද සියලු රටවලට පතළවී යන හැටියට එය අතිශයින් අලංකාරව තිබෙන්ට ඕනෑය. එබැවින් මම ඒ පිණිස සූදානම්කරන්නෙමියි කීවේය. මෙසේ දාවිත් තමාග් මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එවිට දාවිත් කතා කොට, “මාගේ පුත් සලමොන් ළා බාල ය; සමිඳාණන් වහන්සේට ගොඩනඟන්න තිබෙන මාලිගාවේ කීර්තිය ද තේජස ද සියලු රටවලට පතළ වී යන හැටියට එය අතිශයින් අලංකාර ව තිබිය යුතු ය. එබැවින් මම ඒ කාර්යය පිණිස ඔහු සූදානම් කරන්නෙමි”යි කී ය. මෙසේ දාවිත් තමාගේ මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එවිට දාවිත් කතා කොට, “මාගේ පුත් සලමොන් ළා බාල ය; සමිඳාණන් වහන්සේට ගොඩනඟන්න තිබෙන මාලිගාවේ කීර්තිය ද තේජස ද සියලු රටවලට පතළ වී යන හැටියට එය අතිශයින් අලංකාර ව තිබිය යුතු ය. එබැවින් මම ඒ කාර්යය පිණිස ඔහු සූදානම් කරන්නෙමි”යි කී ය. මෙසේ දාවිත් තමාගේ මරණයට පළමුවෙන් බොහෝ දේ සූදානම් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 22:5
22 හුවමාරු යොමු  

තවද දාවිත් රජ මුළු සභාවට කථාකොට කියනුයේ: දෙවියන්වහන්සේ විසින් තෝරාගත් එකම තැනැත්තා වන මාගේ පුත්‍රවූ සාලමොන් තවම ළාබාලය, වැඩෙත් මහත්ය. මක්නිසාද මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවිවූ ස්වාමීන්වහන්සේටය.


දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ පියවූ දාවිත් වෙනුවට ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි.


පාස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව දැන, ලෝකයෙහි සිටියාවූ ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට, අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේමකළසේක.


උන්වහන්සේ වර්ධනවෙන්ටත් මා අඩුවෙන්ටත් ඕනෑය.


දවහල්ව තිබියදී මා එවූ තැනන්වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණෙයි, එවිට කිසිවෙකුට වැඩකරන්ට නුපුළුවන.


සමහරු දේවමාළිගාව ගැන කථාකොට, ඒක ශෝභමාන ගල්වලින්ද කැපකළ දේවලින්ද සරසා තිබෙන හැටි කී කල්හි, උන්වහන්සේ කථාකොට:


මේ ගෘහයේ අන්තිම තේජස පළමු ඒකේ තේජසට වඩා මහත්වන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.


මේ ගෘහය එහි පළමු තේජස ඇතුව තිබෙද්දී එය දුටු අයගෙන් නුඹලා අතරේ ඉතිරිව සිටින්නේ කවුද? මේක දැන් නුඹලාට පෙනෙන්නේ කොහොමද? මේක කිසිත් නැත්තාක්මෙන් නුඹලාගේ ඇස්වලට පෙනෙනවා නොවේද?


උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.


අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.


කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.


නුමුත් පළමු ගෘහය දුටු මහලුවූ බොහෝ පූජකයෝද ලෙවීවරුද පියවංශවල ප්‍රධානියෝද ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි මේ ගෘහයේ අත්තිවාරම දමන විට මහත් හඬකින් ඇඬුවෝය; බොහෝ දෙනෙක්ද ප්‍රීති-ඝෝෂා පැවැත්තුවෝය.


කමකට නැති දුර්ජනයෝවූ මනුෂ්‍යයෝ ඔහුට එකතුව සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට විරුද්ධව තමුන්ම සවිකරගත්තෝය, ඔහු බාලව සිතින් මෘදුව සිටි බැවින් ඔවුන්ට විරුද්ධව සිටින්ට ඔහුට බැරිවුණේය.


මෙපමණ උසස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලෝ විස්මයට පත්ව: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මක්නිසා මෙසේ කළසේක්දැයි අසන්නෝය.


අපේ දෙවියන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් නිසා මා විසින් ගොඩනගන ගෘහය මහත්ය.


මෙපමණ උස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලන් විස්මයට පත්ව කවටකම්කර: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මෙසේ කළේ මක්නිසාදැයි අසනවා ඇත.


මක්නිසාද මම මාගේ පියාට ප්‍රිය පුත්‍රයෙක්ව, මාගේ මවු ඉදිරියෙහි මෘදුවූ එකම පුත්‍රයෙක්ව සිටියෙමි.


මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.


කිහිරි ලීද දේවදාර ලීද හඳුන් ලීද ලෙබනොන්හි සිට මා වෙත එවුව මැනවි. මක්නිසාද ඔබගේ මෙහෙකරුවන් ලෙබනොන්හි ලී කපන්ට දක්ෂ බව දනිමි; මාගේ මෙහෙකරුවන් ඔබගේ මෙහෙකරුවන් සමඟ සිටිනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්