ආබ්‍රම්ද: බලව, නුඹේ දාසිය නුඹ යටතේය; නුඹට යහපත්ව පෙනෙන ලෙස ඈට කරන්නැයි සාරයිට කීය. සාරායි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පලාගියාය.
1 රාජාවලිය 21:2 - Sinhala Revised Old Version ආහබ් නාබොත්ට කථාකොට: නුඹේ මිදිවත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා ඒක මට එලවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් නුඹට දෙන්නෙමි. නොහොත් නුඹ කැමතිනම් එය වටිනා මිල නුඹට දෙන්නෙමියි කීවේය. Sinhala New Revised Version ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය. Sinhala New Revised Version 2018 ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය. |
ආබ්‍රම්ද: බලව, නුඹේ දාසිය නුඹ යටතේය; නුඹට යහපත්ව පෙනෙන ලෙස ඈට කරන්නැයි සාරයිට කීය. සාරායි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පලාගියාය.
ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.
මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් ස්වාමීන්වහන්සේ මා වලක්වනසේක්වයි නාබොත් ආහබ්ට කීවේය.
ඔහුද: මම යෙස්‍රෙයෙලිය නාබොත්ට කථාකොට–නුඹේ මිදිවත්ත මට මිලේට දෙන්න; නැතහොත් නුඹ කැමති නම් මම ඒක වෙනුවට නුඹට මිදිවත්තක් දෙන්නෙමියි ඔහුට කීවෙමි. නුමුත් ඔහු මට උත්තරදෙමින්–මාගේ මිදිවත්ත ඔබට නොදෙන්නෙමියි කීවේයයි ඈට කීය.
යූදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය.
නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.
නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.
තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.
මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑ කරන්නාවූ මිසර දේශය මෙන් නොවේ.
නුඹේ අසල්වාසියාගේ භාර්යාවට ආසානොවව; නුඹේ අසල්වාසියාගේ ගෙටවත් ඔහුගේ කෙතටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගොනාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසිම දෙයකටවත් තණ්හා නොවව.
නුමුත් ධනවත්වන්ට ආශා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය.
එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම නුඹ අවංකව හැසුරුණෙහිය, නුඹ සමුදාව අතරෙහි මා සමඟ ආ ගිය හැටි මට හොඳව පෙනුණේය. නුඹ මා ළඟට ආදා පටන් අද දක්වා නුඹ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.
ඔහු නුඹලාගේ කෙත්ද මිදි වතුද ඔලීව වතුද අතරෙන් ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේය.
එහෙත්: අප විනිශ්චයකරන්ට අපට රජෙකු දුන මැනවැයි කී කීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය.