Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 21:2 - Sinhala New Revised Version 2018

2 ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 ආහබ් නාබොත්ට කතා කොට, “ඔබේ මිදි වත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා එය මට එළවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදි වත්තක් ඔබට දෙන්නෙමි. එසේ නැත්නම්, ඔබ කැමැති නම්, එහි වටිනා මිල ඔබට දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ආහබ් නාබොත්ට කථාකොට: නුඹේ මිදිවත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා ඒක මට එලවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් නුඹට දෙන්නෙමි. නොහොත් නුඹ කැමතිනම් එය වටිනා මිල නුඹට දෙන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 21:2
18 හුවමාරු යොමු  

ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය.


ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.


“තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ”යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක;


එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”


දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ.


මම ගෙවුයන් තනා නානාප්‍රකාර පලතුරු ඒවායෙහි වගා කෙළෙමි.


ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, “ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ‍ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය.


එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ම, ඔබ අවංක ව ම හැසුරුණු බව මම දිවුරා කියමි. ඔබ මා සමඟ අවුත් මේ යුද්ධයේ දී සටන් කරන්නෙහි නම් මම කැමැත්තෙමි. ඔබ මා ළඟට ආ දා පටන් අද දක්වා ඔබ අත කිසි වරදක් මට දක්නට ලැබුණේ නැත; එසේ වුවත් අධිපතීන් ඔබට කැමැති නැත.


“අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.


ඔබ අයිති කරගන්නට යන දේශය ඔබ නික්ම පැමිණි මිසර දේශය මෙන් නොවේ. මිසරයේ නම් වැපුරුවායින් පසු, එළවළු වත්තකට මෙන් ජල රෝදයක් පෑගීමෙන් ජලය සැපයීම කළ යුතුව තිබුණි.


‘නුඹේ අසල්වැසියාගේ භාර්යාවට ඇලුම් නොකරන්න. නුඹේ අසල්වැසියාගේ ගෘහයට හෝ ඔහුගේ කෙතට හෝ ඔහුගේ සේවක සේවිකාවන්ට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ අසල්වැසියා සතු කිසිවකට හෝ තණ්හා නොකරන්න.’


“නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.”


ආබ්‍රම් ද සාරයිට උත්තර දෙමින්, “මෙන්න, ඔබේ වහල් කෙල්ල, ඔබ ම ඈ බාරගන්න. ඔබ කැමැති දෙයක් ඇයට කරන්නැ”යි කී ය. එවිට සාරයි, ඇයට තදින් හිරිහැර කෙළෙන් ඈ තම ස්වාමිදුව වෙතින් පලා ගියා ය.


ස්ත්‍රිය ද ගස පෙනුමට කෙතරම් රමණීය ද පල කෙතරම් ප්‍රණීත ද නුවණ වැඩුමට කෙතරම් කදිම ද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවා ය. තමා සමඟ සිටි සිය සැමියාට ද ඉන් සමහරක් දුන් විට ඔහු ද කෑවේ ය.


“මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය.


ඔහු ද, “මම ජෙශ්‍රෙයෙලීය නාබොත්ට කතා කොට, ‘ඔබේ මිදි වත්ත මට මිලේට දෙන්න; එසේ නැත්නම්, ඔබ කැමැති නම්, මම එය වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමි’යි ඔහුට කීවෙමි. එහෙත්, ඔහු මට උත්තර දෙමින්, ‘මාගේ මිදි වත්ත ඔබට නොදෙන්නෙමි’යි කීවේ යැ”යි ඈට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්