Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 9:27 - Sinhala Revised Old Version

27 යූදාහි රජවූ අහසියා ඒ දැක උයනේ ගේ මගින් පලාගියේය. යේහු ඔහු පස්සේ එළවාගනගොස්: ඔහුටත් රථයේ සිටින විට පහරදෙන්නැයි කීවේය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගුර් නම් ගොඩැල්ලේදී ඔහුට පහරදුන්නෝය. ඔහු මෙගිද්දෝට පලාගොස් එහිදී මළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, “ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ‍ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ජුදාහි රජු වන අහසියා ඒ දැක බෙත්-හගාක් නම් පාර දිගේ පලා ගියේ ය. ජේහු ඔහු ලුහුබැඳ ගොස්, “ඔහුටත් පහර දෙන්නැ”යි කී ය. එසේ ඔව්හු ඉබ්ලියාම් ළඟ ගූර් නම් බෑවුමේ දී ඔහු රථයේ සිටින විට ඔහුට පහර දුන්හ. ඔහු මෙගිද්දෝ‍ මිටියාවතට පලා ගොස් එහි දී මළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:27
17 හුවමාරු යොමු  

මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.


තවද ඉස්සාඛර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නුවරවල්ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නුවරවල්ද දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද ඒන්-දෝර් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද තයනාක් වැසියන් සහ ඊට අයිති නුවරවල්ද මෙගිද්දෝ වැසියන් සහ ඊට අයිති නුවරවල්ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේය.


එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,


ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.


යෝරාම් රජ තමා සිරියේ රජවූ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරද්දී රාමාහිදී සිරියවරුන් විසින් ඔහුට කළ තුවාල යෙස්‍රෙයෙල්හි සුවකර ගන්නා පිණිස හැරී ආවේය. යූදාහි රජවූ යෙහෝරාම්ගේ පුත්‍රවූ අහසියාද ආහබ්ගේ පුත්‍රවූ යෝරාම් රෝගාතුරව සිටිය නිසා ඔහු බලන්ට යෙස්‍රෙයෙල්ට ගියේය.


ආහබ් නාබොත්ට කථාකොට: නුඹේ මිදිවත්ත මාගේ ගෙට සමීපව තිබෙන නිසා ඒක මට එලවලු වත්තක් පිණිස දෙන්න; ඒ වෙනුවට ඊට වඩා හොඳ මිදිවත්තක් නුඹට දෙන්නෙමි. නොහොත් නුඹ කැමතිනම් එය වටිනා මිල නුඹට දෙන්නෙමියි කීවේය.


අහිලූද්ගේ පුත්‍රවූ බානාට තයනාක්ද මෙගිද්දෝද ශාරෙතාන්ට කිට්ටුව යෙස්‍රෙයෙල්ට පහළින් තිබෙන මුළු බෙත්-ෂෙයාන්ද වැටුණේය. ඒ පළාත බෙත්-ෂෙයාන් පටන් ආබෙල්-මෙහෝලා දක්වාද යොක්මෙයාම්ට එහා සීමා දක්වාද පිහිටා තිබේ.


රජවරු ඇවිත් යුද්ධකළාහුය; එවිට තයනාක්හිදී මෙගිද්දෝ ජලය ළඟ කානාන් රජවරු යුද්ධකළෝය. මුදලෙන් ඔවුන්ට කොල්ලයක් නොලැබුණේය.


එවිට ඔහු සභාවට කථාකර: මේ දුෂ්ට මනුෂ්‍යයන්ගේ සියලු පාපවලින් විනාශ නොවෙන පිණිස ඔවුන්ගේ කිසිදෙයකට අතනොගසා ඔවුන්ගේ කූඩාරම් වෙතින් අහක් වෙන්නැයි කීවේය.


නුමුත් ඔව්හු අතිශයින් භයව කථාකොට: බලව, ඒ රජවරුන් දෙදෙනාට ඔහු ඉදිරිපිට සිටින්ට නුපුළුවන්විය, එසේ නම් අපි කෙසේ සිටිමුදැයි කීවෝය.


අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය.


යේහුගේ සත්වෙනි අවුරුද්දේදී යෙහෝවාෂ් රජවී යෙරුසලමේ සතළිස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම ශිබියාය, ඈ බෙයාර්-ෂෙබාහි කෙනෙක්ය.


ඔහුගේ සේවකයෝ වන ෂිමෙයාත්ගේ පුත්‍රවූ යෝසාඛාර්ද ෂොමෙර්ගේ පුත්‍රවූ යෙහෝසාබාද්ද ඔහුට පහරදී මැරුවෝය; ඔව්හු ඔහු දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත් කළෝය. ඔහුගේ පුත්‍රවූ අමශියා ඔහු වෙනුවට රජවුණේය.


මිනිස්සු ඔහුට විරුද්ධව යෙරුසලමෙහි කුමන්ත්‍රණයක් කළෝය; ඔහු ලාකීෂ්ට පලාගියේය. නුමුත් ඔව්හු ඔහු පස්සේ ලාකීෂ්ට මිනිසුන් යවා,


ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්