එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.
1 රාජාවලිය 18:36 - Sinhala Revised Old Version තවද සවස යාගය ඔප්පු කරන වේලාවේ එලියා අනාගතවක්තෘතෙමේ ළංවී කථාකොට: ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ බවද මා ඔබගේ සේවකයා බවද මා මේ දේ කළේ ඔබගේ වචනය ලෙස බවද අද දැනගන්ට ලැබේවා. Sinhala New Revised Version සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා! Sinhala New Revised Version 2018 සවස යාගය ඔප්පු කරන වේලාවේ දිවැසිවර එලියා ළං වී කතා කොට, “ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ඉශ්රායෙල්ගේ ද දෙවි සමිඳාණන් වහන්ස ඔබ ඉශ්රායෙල් හි දෙවියන් වහන්සේ බව ද මා ඔබේ සේවකයා බව ද මා මේ දෙය කෙළේ, ඔබේ වචනය ලෙස බව ද අද ඔවුන්ට දැනගන්නට ලැබේ වා! |
එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක.
බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. නුඹ නිදා සිටින දේශය නුඹටද නුඹේ වංශයටද දෙන්නෙමි;
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද නාහොර්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ අප අතරේ විනිශ්චයකරනසේක්වයි යාකොබ්ට කීවේය. යාකොබ්ද තමාගේ පියාවූ ඊසාක්ගේ භය භූමියවූ තැනන්වහන්සේ ගැන දිවුළේය.
තවද යාකොබ්: මාගේ පියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, මාගේ පියා වන ඊසාක්ගේ දෙවියන්වහන්ස, නුඹේ රටටත් නුඹේ නෑයන් වෙතටත් හැරී යන්න, මම නුඹට යහපත කරන්නෙමියි මට වදාළවූ ස්වාමීන්වහන්ස,
එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, නුඹේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී නුඹ මහත් ජාතියක් කරන්නෙමි.
ඉශ්‍රායෙල් කෙරෙහි දෙවියන්වහන්සේව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේයයි කියනු ලැබීමෙන් ඔබගේ නාමය සදාකල් වර්ණනාකරනු ලැබේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ.
එවිට එලියා මුළු සෙනඟ ළඟට ඇවිත් කථාකොට: නුඹලා කොපමණ කල් කල්පනා දෙකක් අතරේ හිරවී සිටිනවාද? ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ නම් උන්වහන්සේ අනුව යන්න. බාල් දෙවියන්වහන්සේ නම් ඔහු අනුව යන්නැයි කීවේය. නුමුත් සෙනඟ ඔහුට කිසි උත්තරයක් දුන්නේ නැත.
ඉරමුදුන් වේලාව පසුවී සවස යාගය ඔප්පුකරන වේලාව දක්වා ඔව්හු ධර්මවාක්‍ය දෙසුවෝය; නුමුත් කිසි හඬක්වත් උත්තරදුන් කිසිවෙක්වත් සැලකූ කෙනෙක්වත් නොවීය.
ස්වාමීන්වහන්ස, මට උත්තර දුනමැනව, ස්වාමිවූ ඔබ දෙවියන්වහන්සේ බවත් මේ සෙනඟගේ සිත් නැවත හරවාගත්තේ ඔබම බවත් මොවුන් දැනගන්නා පිණිස මට උත්තර දුනමැනවයි කීවේය.
ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා නුඹ දුටුවාද? මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නා පිණිස මම අද ඔවුන් නුඹ අතට පාවාදෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත්, ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැත. ජනයිනි, නුඹලා සියල්ලෝම අසන්නැයි කීවේය.
ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භයවන පිණිසද, මා විසින් ගොඩනැගුවාවූ මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.
එලියා පනසාධිපතියාට උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි කීවේය. එවිට අහසින් ගිනි බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය.
නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්–නුඹලා එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද?
ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්–නුඹලා එවූ රජු ළඟට හැරී ගොස්: නුඹ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් නුඹ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය.
එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබම, ඔබ පමණක්ම ස්වාමිවූ දෙවියන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
එවිට අනාගතවක්තෘවූ යෙසායා ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය. උන්වහන්සේ ආහාස්ගේ හෝරා මණ්ඩලය පිට ඡායාව බැසගිය තැනින් අංශක දශයක් පස්සට පැමිණෙවුසේක.
එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.
ඉශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලිෂා අසා: නුඹ මක්නිසා නුඹේ ඇඳුම් ඉරාගත්තෙහිද? ඔහු මා ළඟට ආවාවේ, එවිට ඔහු ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නේයයි රජුට කියා ඇරියේය.
අපේ පියවරුන්වූ ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ අදහස හා කල්පනා ඔබගේ සෙනඟගේ සිත්වල සදාකාලේටම පිහිටුවා, ඔවුන්ගේ සිත් ඔබ වෙතටම නමාගතමැනව.
මෙසේ පණිවිඩකාරයෝ රජුගෙන්ද ඔහුගේ අධිපතීන්ගෙන්ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්‍රායෙල් රටද යූදා දේශයද මුළුල්ලෙහි ගොස් කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ආබ්‍රහම්ගේද ඊසාක්ගේද ඉශ්‍රායෙල්ගේද දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට හැරෙන්න, එවිට උන්වහන්සේ අෂූර්හි රජුන්ගේ අතින් ගැළවී ඉතුරුව සිටින නුඹලා වෙතට හැරෙනවා ඇත.
මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
උන්වහන්සේ තව දුරටත්: මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය, ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. මෝසෙස් තමාගේ මුහුණ වසාගත්තේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ දෙස බලන්ට භයවිය.
ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙනුණු බව ඔවුන් විසින් විශ්වාස කරන පිණිස එසේ කරන්නැයි කීසේක.
එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
ජාතීන් අතරෙහි කෙලහී තිබෙන්නාවූ, නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසුවාවූ මාගේ මහත් නාමය විශුද්ධකරන්නෙමි; මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුවෙහි පෙනෙන කල, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මාගේ ශුද්ධවූ නාමය තවත් කෙලසන්ට ඉඩනෑර, මම මාගේ ශුද්ධවූ නාමය මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමීන්වහන්සේ වන මා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත.
දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.
එවිට ශුද්ධවන්තයෙක් කථාකරනවා ඇසීමි; තවත් ශුද්ධවන්තයෙක් කථාකළ තැනැත්තාට කියනුයේ: දවස්පතා පූජාවත් නාස්තිකරන අපරාධයත් ගැන පෙනුණු දර්ශනයේ හැටියට ශුද්ධස්ථානය සහ සේනාවත් පාගාදැමීමට කොපමණ කල් යනවා ඇද්දැයි ඇසුවේය.
එසේය, මා යාච්ඤාවෙන් කථාකරද්දීම පළමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍යයාවූ ගාබ්‍රියෙල් යුහුව ගමන්කොට, සවස් පූජාවේ වේලාවට පමණ මා ළඟට පැමිණියේය.
ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක.
එවිට කොර්නේලියස් කියනුයේ, සතර දවසකට පළමුවෙන් මේ පැය දක්වා, නවවෙනි පැයේදී මාගේ ගෙදර යාච්ඤාකරමින් සිටියෙමි; එවිට දිලියෙන වස්ත්‍ර ඇන්දාවූ මනුෂ්‍යයෙක් මා ඉදිරියෙහි සිට:
එසේ කරන්නේ මහිමයේ පියාණන් වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවියන්වහන්සේ, උන්වහන්සේ ගැන දැනගැනීමට ප්‍රඥාවේද එළිදරව්කිරීමේද ආත්මයක් නුඹලාට දෙන ලෙසත්,