Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 1:10 - Sinhala Revised Old Version

10 එලියා පනසාධිපතියාට උත්තරදෙමින්: මම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් නම් අහසින් ගිනි බැස නුඹද නුඹේ පනස්දෙනාද දවාදමන්නැයි කීවේය. එවිට අහසින් ගිනි බැස ඔහුද ඔහුගේ පනස්දෙනාද දවාදැමුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එලියා පණසාධිපතියාට උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එලියා පණසාධිපතියාට උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පනස්දෙනා ද දවාදමා වා”යි කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පනස්දෙනා ද දවාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 1:10
22 හුවමාරු යොමු  

උන්වහන්සේගේ ගෝලයෝවූ යාකොබ්ද යොහන්ද ඒ දැක: ස්වාමිනි, ඔවුන් නාස්තිකරන පිණිස අහසින් ගිනි බසින්ට අප අණකරනවාට ඔබ කැමතිසේක්දැයි ඇසුවෝය.


ඔහු උත්තරදෙමින්: අන්න, මනුෂ්‍යයන් සතර දෙනෙක් නිදහස්ව, කිසි උපද්‍රවයක් නැතුව, ගින්න මැද ඇවිදිනවා මට පෙනෙයි; සතරවෙනියාගේ පෙනීම වනාහි දෙවියන්ගේ පුත්‍රයෙකුට සමානයයි කීවෝය.


මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.


එවිට රජුගේ ආඥාව තද නිසා උදුන ඉතා රත්ව තිබුණු බැවින්, ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද එසවූ මනුෂ්‍යයෝ ගිනි දළුවෙන් මළෝය.


යමෙක් ඔවුනට අනතුරුකරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. යමෙක් ඔවුන්ට අනතුරුකරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය.


ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේය; ගිනිදැල දුෂ්ටයන් දවාදැමීය.


ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.


හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය.


ඔව්හු කථාකොට: ඔහු ඒ නපුරු මනුෂ්‍යයන් භයානකලෙස විනාශකොට, නියම කාලවලදී තමාගේ ඵල කොටස දෙන්නාවූ වෙන ගොවීන්ට තමාගේ මිදිවත්ත භාරදෙන්නේයයි කීවෝය.


එවිට දානියෙල් කෙරෙහි වරද තැබූ ඒ මනුෂ්‍යයන් රජුගේ ආඥාව පිට ගෙනවුත්, ඔවුන් සහ ඔවුන්ගේ දරුවන්ද භාර්යාවන්ද සිංහ ගුහාවේ දැමුවෝය; ඔවුන් ගුහාවේ අඩියට පැමිණෙන්ටත් පළමුවෙන් සිංහයෝ ඔවුන්ගෙන් ජයගෙන, ඔවුන්ගේ ඇට සියල්ල කැබලි කළෝය.


මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.


එහෙත් සුවයක් නැති තරම් ස්වාමීන්වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන්වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම්කර, උන්වහන්සේගේ වචන සුළුකර, උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දාකළෝය.


මීකායාද: ඔබ ඇත්තටම සමාදානයෙන් හැරී ආවොත්, ස්වාමීන්වහන්සේ මා ලවා කථාකෙරෙවුවේ නැත. ජනයිනි, නුඹලා සියල්ලෝම අසන්නැයි කීවේය.


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.


සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.


රජ නැවත තවත් පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඔහු ළඟට ඇරියේය. ඔහු කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේයයි ඔහුට කීවේය.


තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය, එසේ ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්