Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:13 - Sinhala Revised Old Version

13 ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා නුඹ දුටුවාද? මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නා පිණිස මම අද ඔවුන් නුඹ අතට පාවාදෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට දිවැසිවර කෙනෙක් ඉශ්රායෙල් හි රජ වන ආහබ් ළඟට අවුත් කතා කොට, “මේ මුළු මහා සේනාව ඔබ දුටුවෙහි ද? ‘මා සමිඳාණන් වහන්සේ බව ඔබ දැනගන්න පිණිස මම අද ඔවුන් ඔබ අතට පාවා දෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:13
22 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


නුමුත් මම මාගේ අත නවත්වාගෙන, ජාතීන් ඉදිරියෙහි මා විසින් ඔවුන් පිටතට ගෙනා බැවින් ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස, එය උදෙසා ක්‍රියාකෙළෙමි.


මෙසේ ස්වාමීන්වහන්සේ වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුඹලාගේ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය.


නුමුත් ජාතීන් ඉදිරියෙහි මා විසින් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසෙන පිණිස එය උදෙසා ක්‍රියාකෙළෙමි.


එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.


එවිට එලිෂා කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න–හෙට මේ වේලාවට පමණ ෂෙකෙලයකට සිහින් පිටි මිම්මක්ද ෂෙකෙලයකට යව මිමි දෙකක්ද සමාරියේ දොරටුවෙහි විකිණෙනවා ඇත කියා ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.


මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරීම් ඇසීමි. නුඹලා සවස මාංස කන්නහුය, උදය රොටිවලින් තෘප්තියට පැමිණෙන්නහුය; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ඔවුන්ට කියවයි කීසේක.


මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.


නුඹලා අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


ඔව්හු සදාකල් ලජ්ජාවී තැතිගනිත්වා; එසේය, වියවුල්වී විනාශවෙත්වා.


නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක.


මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.


ආහබ්: කා ලවාදැයි ඇසුවේය. ඔහුද: ජනපදවල අධිපතීන්ගේ සේවකයන් ලවායයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. එවිට ආහබ්: සටන පටන්ගන්නේ කවුදැයි ඇසුවේය. ඔහුද: ඔලයයි උත්තරදුන්නේය.


ප්‍රොපේත තෙමේ ඉශ්‍රායෙල් රජු ළඟට ඇවිත්: එන අවුරුද්දේ සිරියේ රජ ඔබට විරුද්ධව එනවා ඇත, ඉන්නිසා ඔබ ශක්තිමත්වී කුමක් කටයුතුද කියා කල්පනාකර බැලුව මැනවැයි කීවේය.


ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: ඔවුන්ට භයනොවෙන්න. මක්නිසාද මා විසින් ඔවුන් නුඹ අතට පාවාදී තිබේ; ඔවුන්ගෙන් කිසිවෙක්වත් නුඹ ඉදිරියේ නොසිටින්නේයයි කීසේක.


මුළු සෙනඟ ඒ දැක මුහුණින් වැටී: ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය.


මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක.


ඔහු කථාකොට: සියලු යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ නුඹලාට මෙසේ කියනසේක–මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන්වහන්සේගේය.


යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්