1 තෙසලෝනික 4:16 - Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නෝය. Sinhala New Revised Version මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති. Sinhala New Revised Version 2018 මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය. |
දෙවියන්වහන්සේ ජයඝෝෂාවක් ඇතුව නැගී ගියසේක, ස්වාමීන්වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගියසේක.
තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.
මුළු සෙනඟ ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනඟ ඒ දැක වෙවුලමින් දුරින් සිට,
තවද ඒ දවසෙහි මහත් හොරණෑවක් පිඹිනු ලැබේ; එවිට අෂූර් දේශයෙහි නැතිවීයන්ට ළංව සිටි අයද මිසර දේශයෙහි පන්වනු ලැබ සිටි අයද ඇවිත් යෙරුසලමේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්නෝය.
ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?
එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය.
ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ හොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත.
සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.
උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්‍රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක. ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය.
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.
මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.
යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක.
ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.
නුමුත් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය, උන්වහන්සේ සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.
නුමුත් එක් එක් අය තම තමාගේම ක්‍රමයෙන්ය. ක්‍රිස්තුස්වහන්සේ නාඹුල් ඵලයය; ඉන්පසු, ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී, උන්වහන්සේ සන්තකවූවෝ (නැගිටින්නෝ)ය. එවිට කෙළවර පැමිණේ;
පැමිණෙන උදහසින් අප ගළවන්නාවූ තමන්ගේ පුත්‍රවූ යේසුස්වහන්සේ ස්වර්ගයෙන් එනවා බලාසිටින පිණිසද, නුඹලා දේවතාරූප කෙරෙන් දෙවියන්වහන්සේ වෙතට හැරුණ හැටිත් ඔව්හුම දන්වති.
ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේමද අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේද නුඹලා වෙතට එන්ට අපට මාර්ගය සලස්වාදෙනසේක්වා.
දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,
සහෝදරයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමද උන්වහන්සේ වෙතට අපගේ රැස්වීමද ගැන,
එහෙත් සොරෙකුමෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය.
නුමුත් අග්‍ර දේවදූතයාවූ මිකායෙල් යක්ෂයා සමඟ පොරබදන අතර, මෝසෙස්ගේ මිනිය ගැන විවාදකරද්දී, නින්දිතවූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්ට භයවී: ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වයි කීවේය.
බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.
තවද: මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය කියා ලියන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන්වහන්සේ කියනසේක.
තවද එක් රාජාලියෙක් අහස මැද පියාසරකරනවා දුටිමි. පිඹින්ට සිටින දේවදූතයන් තුන්දෙනාගේ ඉතුරු හොරණෑ ශබ්ද නිසා පොළොවේ වසන්නන්ට දුක්වේ, දුක්වේ, දුක්වේයයි මහත් ශබ්දයකින් කියනවාත් ඇසීමි.
තවද දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින දේවදූතයන් සත්දෙනා දුටිමි; ඔවුන්ට හොරණෑ සතක් දෙනලද්දේය.