Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 47:1 - Sinhala Revised Old Version

1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්; ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬනගව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවිඳුන්ට තුති දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවියන් වහන්සේට තුති දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 47:1
18 හුවමාරු යොමු  

අපගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබට ප්‍රශංසාකිරීමෙන් ජය නාද පවත්වන පිණිසත්, අප ගළවා ජාතීන් අතරෙන් රැස්කොටගත මැනව.


පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.


එසේය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යාකොබ් ගැන ප්‍රීතියෙන් ගී කියා ජාතීන්ට ප්‍රධාන ජාතිය ගැන ශබ්දනගන්න. ප්‍රකාශකරමින්ද, වර්ණනාකරමින්ද: ස්වාමීන්වහන්ස, ඔබගේ සෙනඟ වන ඉතුරුව සිටින ඉශ්‍රායෙල්වරුන් ගැළවුව මැනවයි කියන්න.


මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.


දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.


දෙවියන්වහන්සේ ජයඝෝෂාවක් ඇතුව නැගී ගියසේක, ස්වාමීන්වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතුව නැගී ගියසේක.


එවිට ඔහු රජුගේ පුත්‍රයා පිටතට ගෙනැවිත් ඔහුගේ හිස පිට ඔටුන්න තබා, ව්‍යවස්ථාව ඔහුට දුන්නේය; ඔව්හු රජකමට ඔහු ආලේපකොට අත්පොළසන්දී: රජතුමා සැරදේවයි කීවෝය.


මෙසේ දාවිත් හා මුළු ඉශ්‍රායෙල් වංශය ඔල්වරහඬත් හොරණෑ ශබ්දයත් ඇතුව ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනාවෝය.


සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක.


එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය.


ස්වාමීන් ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා; හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා;


එවිට යූදා මනුෂ්‍යයන් ඔල්වර හඬ ගැසූකල දෙවියන්වහන්සේ යෙරොබොවම් සහ සියලු ඉශ්‍රායෙල්වරුන් අබියාටත් යූදාවරුන්ටත් පැරදෙවුසේක.


සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව නුඹලාට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.


සියොන් දියණියෙනි, ගී කියන්න; ඉශ්‍රායෙල්, ඝෝෂාකරන්න; යෙරුසලම් දියණියෙනි, මුළු සිතින් සන්තෝෂවී ප්‍රීතිමත්වෙන්න.


දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්