උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත;
1 තෙසලෝනික 2:1 - Sinhala Revised Old Version මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා වෙතට අපේ පැමිණීම නිෂ්ඵලවී නැති බව නුඹලාම දන්නහුය. Sinhala New Revised Version සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය. සිංහල කාලීන පරිවර්තනය සහෝදරයිනි, ඔබ වෙත අපගේ පැමිණීම නිෂ්ඵල නො වූ වග ඔබ දන්නහු ය. Sinhala New Revised Version 2018 සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය. |
උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත;
ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.
නුමුත් මම කථාකොට: මම පලක් නැතුව වෙහෙසුණෙමි, හිස්කමටත් නිෂ්ඵලකමටත් මාගේ ශක්තිය නැති කරගතිමි. එසේ වී නුමුත් සැබවින්ම මාගේ විනිශ්චය ස්වාමීන්වහන්සේ වෙතද මාගේ විපාකය මාගේ දෙවියන්වහන්සේ වෙතද තිබේයයි කීමි.
ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.
බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් නොවේද?
නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.
නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශකළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය නුඹලාට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය.
එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.
තවද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරන්නෝව, නුඹලා උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ප්‍රයෝජනයේ නොලබන ලෙස ඉල්ලා සිටිමුව.
එහි ගියේ එළිදරව්වීමක් නිසාය. එහි ගොස් මම අන්‍යජාතීන් අතරෙහි ප්‍රකාශකරන ශුභාරංචිය ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි. නුමුත් මා දුවන්නාවූ නොහොත් දිවුවාවූ දිවීම යම් හෙයකින් නිෂ්ඵල නොවන පිණිස, ප්‍රධාන තැනැත්තන්ට එය දැන්නුවේ රහසින්ය.
මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය.
එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.
ඒ තැනැත්තෝ උන්වහන්සේගේ අභිමුඛයෙන්ද උන්වහන්සේගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.
ඉතින්, සහෝදරයෙනි, නුඹලා අතරෙහි සිද්ධවුණාක්මෙන් [වෙන තැන්වලත්] ස්වාමීන්වහන්සේගේ වචනය පතළවී ගොස් ගෞරවයට පැමිණෙන පිණිසද,