1 තිමෝති 3:15 - Sinhala Revised Old Version මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය. Sinhala New Revised Version මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ. සිංහල කාලීන පරිවර්තනය මා එන්නට ප්‍රමාද වුවහොත් ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව, සත්‍ය දරා සිටින කණුව හා අත්තිවාරම වන දෙවියන්වහන්සේගේ ගෘහ-පවුල තුළ ඔබ කෙසේ හැසිරිය යුතුදැයි වටහා ගන්නා පිණිසයි. Sinhala New Revised Version 2018 මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ. |
මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න.
ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල්ට අණකෙරෙවු පනත් හා විනිශ්චයයන් පවත්වන්ට බලාගත්තොත් නුඹ සඵල වන්නෙහිය. ශක්තිමත්ව සවිව සිටින්න; භයනොවන්න, තැතිනොගන්න.
දෙවියන්වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි මාගේ ආත්මය පිපාසවේ. මම කවදා ඇවිත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනෙම්ද?
ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති.
මෙන්න, මම මුළු දේශය වන යූදාහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් එහි පූජකයන්ටත් දේශයේ සෙනඟටත් විරුද්ධව අද නුඹ සුරක්ෂිත නුවරක්ද යකඩ කුළුනක්ද පිත්තල පවුරුද කෙළෙමි.
නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.
ස්වාමීන්වහන්සේගේ බරයයි තවත් සඳහන් නොකරන්න. මක්නිසාද එක එක මනුෂ්‍යයාට පැමිණෙන බර ඔහුගේම වචනය වේ; අපේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ වන ජීවමාන දෙවියන්වහන්සේගේ වචන නුඹලා පෙරළා තිබේ.
මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට අණකරමි. මක්නිසාද උන්වහන්සේ ජීවමානවූ සදාකාලයටම සිටින්නාවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේගේ රාජ්‍යය නැති නොවී, උන්වහන්සේගේ ආණ්ඩුව කෙළවර දක්වා පවත්නේය.
එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.
සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය.
සැබවක් නුඹලාට කියමි: නුඹලා පොළොවේදී යමක් යමක් බඳිනවාද, ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. පොළොවේදී යමක් යමක් මුදනවාද, ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේය.
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.
යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
එබැවින් පිලාත්: එසේවී නම්, නුඹ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: මම රජෙක්යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසතියි කීසේක.
ඔසවාගනු ලැබූ දවස දක්වා, උන්වහන්සේ විසින් කරන්ටත් උගන්වන්ටත් පටන්ගත් සියල්ල ගැන ප්‍රථම පොත සම්පාදනයකෙළෙමි.
මනුෂ්‍යයෙනි, නුඹලා මේ දේවල් කරන්නේ මක්නිසාද? අපිත් නුඹලා සමාන ගති ගුණ ඇති මනුෂ්‍යයෝය, නුඹලා මේ නිෂ්ඵල දේවලින් දුරුව, අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ ජීවමාන වූ දෙවියන්වහන්සේ වෙතට හැරෙන පිණිස ශුභාරංචිය නුඹලාට ගෙනෙමුව.
නුඹලා මාගේ සෙනඟ නොවන්නහුයයි ඔවුන්ට කියා තිබෙන තැන නුඹලා ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නහුයයි කියාද කීසේක.
මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,
නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?
මක්නිසාද නුඹලා අපේ සේවය කරණකොටගෙන තීන්තවලින් නොව ජීවමාන දෙවියන්වහන්සේගේ ආත්මයෙන්ද ගල්ලෑලිවල නොව මාංසවූ සිත් නමැති ලෑලිවලද ලියා තිබෙන ක්‍රිස්තුස්වහන්සේගේ පත්‍රයක් බව ප්‍රකාශව තිබේ.
දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.
සත්‍යතාවේ වචනයෙන්ද දෙවියන්වහන්සේගේ බලයෙන්ද දකුණෙහිත් වමෙහිත් ධර්මිෂ්ඨකම නමැති සන්නාහය කරණකොටගෙනද.
එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙනලද අනුග්‍රහය දැනගත් කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මඡේදිතයන් වෙතටද යන පිණිසය.
අහෝ අඥාන ගලාතිවරුනි, කුරුසියෙහි ඇණගසනලද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධලෙස දක්වනු ලැබූ නුමුත් නුඹලා මායාවකට ඇල්ලුවේ කවුද?
එනම්, සැබෑව යේසුස්වහන්සේ තුළ තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා, උන්වහන්සේ තුළ උගන්වනු ලැබුවහුය.
උන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට අණකරමින්: නුඹ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දිවුළ දේශයට නුඹ ඔවුන් ගෙනයන්නෙහිය. මමද නුඹ සමඟ සිටින්නෙමියි කීසේක.
මක්නිසාද මාංසමයවූ සියල්ලන්ගෙන්, අප ඇසුවාක් මෙන් ගින්න මැද සිට කථාකරන ජීවමාන දෙවියන්වහන්සේගේ හඬ අසා ජීවත්ව සිටියේ වෙන කවරෙක්ද?
එසේ නුඹලා වෙතට අපේ පැමිණීම කොයි ආකාරව තිබුණේද කියාත් නුඹලා ජීවමානවූ සැබෑවූ දෙවියන්වහන්සේට මෙහෙකරන පිණිසද, උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූ,
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.
එහෙයින් නායක තෙමේ නිර්දෝෂවූ, එක භාර්යාවකට පුරුෂයාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සිහියද පිළිවෙලක්ද ඇත්තාවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, උගන්වන්ට සමර්ථවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය.
(නුමුත් යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?)
එසේය, ඒ පිණිස අපි වැඩකරමුව, වීර්යකරමුව, මක්නිසාද සියලු මනුෂ්‍යයන්ගේ, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ, ගැළවුම්කාරයාණන්වූ ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි අපි බලාපොරොත්තුවී සිටිමුව.
කිසිවෙකුට ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි වසන්නාවූ, කිසි මනුෂ්‍යයෙකු විසින් නුදුටුවාවූ, දකින්ටත් බැරිවූ තැනන්වහන්සේ ඒ ප්‍රකාශවීම නියම කාලවලදී පෙන්වනවා ඇත. උන්වහන්සේට ගෞරවයත් සදාකාල පරාක්‍රමයත් වේවා. ආමෙන්.
එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.
ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය.
නුමුත් නුඹලා ළඟාවී සිටින්නේ සියොන් කන්දටත්, ජීවමාන දෙවියන්වහන්සේගේ නුවරවූ ස්වර්ගීය යෙරුසලමටත්, ගණන් නැති දේවදූත සේනා වෙතටත්,
සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.
කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?
යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුඹලා ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් නුඹලා මෙයින් දැනගන්නහුය.
නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,
මක්නිසාද දෙවියන්වහන්සේගේ ගෘහයේ සිට විනිශ්චය පටන්ගන්ට කාලය පැමිණ තිබේ. එය පළමුකොට අප ළඟ සිට පටන්ගත්තොත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?
තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත් මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා:
දාවිත් තමා ළඟ සිටි මනුෂ්‍යයන්ට කථාකොට: මේ පිලිස්තියයා මරා ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මනුෂ්‍යයාට කුමක් කරන්නේද? ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට මිගකියන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවුදැයි කීවේය.
ඔබගේ මෙහෙකරුවාවූ මම සිංහයාත් වලසාත් දෙන්නාම මැරුවෙමි. ජීවමාන දෙවියන්වහන්සේගේ සේනාවලට නින්දාකළ මේ අචර්මඡේදිත පිලිස්තියයාත් උන්ගෙන් එකෙකු මෙන් වන්නේයයි සාවුල්ට කීවේය.