මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.
හිතෝපදේශ 11:20 - Sinhala New Revised Version වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි. Sinhala New Revised Version 2018 වංක අය සමිඳුන් හට පිළිකුලකි; අවංක අය එතුමන්ට සතුටකි. Sinhala Revised Old Version වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක. |
මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.
දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි; පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියෙකි.
නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.
ගරහන්නෙකුට ඔවා බස් දෙන්නා හට ඇති වන්නේ ලජ්ජාව පමණ ය; දුදනෙකුට තරවටු කරන්නා හට ඇති වන්නේ සිත් වේදනාව පමණ ය.