Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 6:14 - Sinhala New Revised Version

14 ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔහුගේ සිත සටකපට ව ඇත, ඔහු නිතර ම නපුරට කුමන්ත්‍රණය කොට, වාද භේද පතුරුවාලයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 ඔහුගේ හිතේ ප්‍රයෝගය ඇත්තේය, ඔහු නිතරම නපුර යොදා, භේද පතුරුවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 6:14
22 හුවමාරු යොමු  

සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න.


ඔව්හු සුළඟ වපුරා, සුළි සුළඟ කපාගනිති; ගොයම් කරල් නැත, කරල් තිබුණත් විදේශීන් ඒවා ගිලදමනු ඇත.


උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර පුරා දුෂ්ටකම් යෝජනා කරන, නපුරු මන්ත්‍රණ යොදන මනුෂ්‍යයෝ මොවුහු ය.


එහෙත්, දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසළ සෝදාගෙන, ගොඩට නොනැවතී ගලා එන, රළ පතර ඇති මුහුද හා සමාන වෙති.


ඔහු දුෂ්ට උපා යොදයි; බොරුවෙන් දුප්පත් අය විනාශ කරන්නත්, ඒ අයගේ අයිතිවාසිකම් ඔවුන්ගෙන් වළක්වන්නත් ඔහු උපා යොදයි.


අයුක්තිය වපුරන්නා විපත්තිය කපා ගනියි. ඔහුගේ කටයුතුවල අවසානය විනාශය ය.


වරදකරුවන්ගේ මඟ ඇද ය; නිදොස් අයගේ ක්‍රියා කෙළින් ය.


ඔබේ අසල්වැසියා බිය සැක නැති ව යෙහෙන් වාසය කරද්දී, ඔහුට විරුද්ධ ව උපායක් නොයොදන්න.


ඔවුන්ගේ සතුට නපුර කිරීමට ය; ඔවුන්ගේ ප්‍රීතිය දුෂ්ට උපායවලට ය;


ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.


ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.


දුදනා නපුරු කටකතා පතුරුවයි: ඔහුගේ දිව, දැවෙන ගින්නකි.


වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.


කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු “ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති.


ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය. ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.


වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි; එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.


නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්