තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය;
දේශනාකාරයා 2:23 - Sinhala New Revised Version ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි. Sinhala New Revised Version 2018 ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි. Sinhala Revised Old Version ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසීමද දුකක්ය; එසේය, රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලැබෙයි. මේකත් නිෂ්ඵලකමක්ය. |
තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය;
ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය.
එදා රාත්‍රියේ රජුට නින්ද නොගියේ ය. එබැවින් ඔහු සිහි කටයුතු සිදුවීම් පිළිබඳ වාර්තා පොත ගෙනෙන්නට අණ කෙළේ ය. එය රජු ඉදිරියෙහි කියවන ලද්දේ ය.
උදයෙන් ම නැඟිට රෑ බෝ වී නින්දට යාම ද ආහාර සැපයීමට පමණ ඉක්මවා වෙහෙසවීම ද නිෂ්ඵල ය. මන්ද, සමිඳුන්ට ප්‍රේම කරන අයට වුවමනා දේ එතුමාණෝ සපයා දෙන සේක.
දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.
මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද?
එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්‍රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.
කම්කරුවා ටිකක් කෑවත්, හුඟක් කෑවත් ඔහුට සුව සේ සැතපිය හැකි ය; එහෙත්, පොහොසතාට තමාගේ වස්තු සම්භාරය නිසා නින්දක් නැත.
රජතුමා මාලිගාවට ගොස් නිරාහාරයෙන් රාත්‍රිය ගත කෙළේ ය; පුරුදු විනෝද ආස්වාද ද ප්‍රතික්ෂේප කෙළේ ය. ඔහුට කිසි නින්දක් නො වී ය.
“අප බොහෝ දුක් විඳිමින් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවන්නට ඕනෑ ය”යි කියා ශ්‍රාවකයන් ධෛර්යවත් කර, ඇදහිල්ලේ ස්ථීර ව පවතින්නට ඔවුනට අවවාද කළහ.