Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 127 - Sinhala New Revised Version


දෙවිඳුන් පැසසීම

1 සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.

2 උදයෙන් ම නැඟිට රෑ බෝ වී නින්දට යාම ද ආහාර සැපයීමට පමණ ඉක්මවා වෙහෙසවීම ද නිෂ්ඵල ය. මන්ද, සමිඳුන්ට ප්‍රේම කරන අයට වුවමනා දේ එතුමාණෝ සපයා දෙන සේක.

3 දරු සම්පත සමිඳාණන්ගෙන් ලැබෙන දායාදයකි; ඒ සම්පත එතුමන්ගෙන් ලැබෙන ඉමහත් ආශීර්වාදයකි.

4 හේවායෙකුගේ අතෙහි ඊගස යම් සේ ද තරුණ වියේ මවුපියන්ගේ දරුවෝ ද එසේ ම ය.

5 එවැනි ඊගසින් පිරුණු කොපුව ඇති මිනිසා වාසනාවන්තයෙකි. ඔව්හු උසාවියේ දී සතුරන් සමඟ නඩු කියන විට පරාජයට පත් නොවන්නෝ ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්