යෝබ් 37:3 - Sinhala New Revised Version එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක. Sinhala Revised Old Version උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක. |
එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ. විදුලිය නොනැවතී දිගට යයි.
පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්, දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?
අහෝ දෙවිඳුනි! ඔබේ ක්‍රියා මාර්ගය විශුද්ධ ය; අපේ දෙවිඳුන්ට වඩා ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඇද් ද?
සමිඳාණෝ, විසිරී ගොස් සිටින ඉශ්රායෙල් හා ජුදා සෙනඟ පොළොවේ සතර කොනින් ආපසු එක් රැස් කරන බවට ජාතීන් ඉදිරියෙහි සංඥාවක් ඔසවන සේක.
මන්ද, විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා විහිදෙන්නේ යම් සේ ද, මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය එසේ ම වන්නේ ය.
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.