Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 38:35 - Sinhala New Revised Version

35 විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 විදුලි කොටන ලෙස එයට අණ දුන්නහොත් ‘හොඳ ම යි මම සූදානම් ය’යි එය නුඹට කියනු ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට නුඹට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි නුඹට කියනවා ඇද්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 38:35
13 හුවමාරු යොමු  

සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ. ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ. ‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ.


එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.


එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක.


දෙවි තුමාණෝ විදුලිය අතින් ගෙන, නියම ඉලක්කය බලා යන්නට එයට අණ දෙන සේක,


බැලුව මැනව, අහසින් ගිනි බැස පළමු පණසාධිපතීන් දෙදෙනා ද ඔවුන්ගේ පිරිස් ද දවාදැමුවේ ය. එහෙත්, දැන් මාගේ ප්‍රාණයට හානියක් නොකළ මැනව”යි ඔහුට කීවේ ය.


එලියා පණසාධිපතියාට උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.


එවිට සාවුල්, “අහිතුබ්ගේ පුත්‍රය, අසන්නැ”යි කී ය. ඔහු, “මාගේ ස්වාමීනි මම මෙහි ය”යි පිළිතුරු දුන්නේ ය.


ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය.


සෙනඟ දුක් ගැනවිලි ගැන කොඳුරන්නට පටන්ගත් විට සමිඳාණන් වහන්සේ ඒවා අසා, ඒවා ගැන අසතුටු වූයෙන්, උන් වහන්සේගේ උදහස ඇවිළිණි. උන් වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට, එය ඔවුන් දවා, කඳවුරේ එක කොණක් වනසාලී ය.


එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.


මෝසෙස් ඔහුට උත්තර දෙමින්, “මම නුවරින් පිටත ගිය කෙණෙහි ම සමිඳාණන් වහන්සේ වෙත මාගේ අත ඔසවමි. මිහිතලය සමිඳාණන් වහන්සේට අයිති බව දැනගනු පිණිස, අහස් ගිගුරුම් නවතිනු ඇත. ගල් වර්ෂා ද තවත් ඇති නොවේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්