Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 37:2 - Sinhala New Revised Version

2 ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔබ හැම එතුමාණන්ගේ ගිගුරුම් හඬටත්, එතුමාණන් මුවින් නික්මෙන ගර්ජනාවටත් හොඳින් සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 උන්වහන්සේගේ හඬේ ගර්ජනාවත් උන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන ගෙරවීමත් හොඳට අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 37:2
13 හුවමාරු යොමු  

සමිඳාණෝ අහසේ සිට ගිගුරුම් දුන් සේක: මහෝත්තමයාණෝ සිය හඬ නිකුත් කළ සේක.


වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,


වලාපටල විහිදී යන්නේ කෙසේ ද කියාවත්, එතුමාණන්ගේ මණ්ඩපවලින් ගිගුරුම් නඟින්නේ කෙසේ ද කියාවත් දන්නෝ කවුරු ද?


අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක. එය එන බව ගව රැළ දනිති.”


“චණ්ඩ මාරුත නිසා මහද සැලී දැඩි ලෙස වෙවුළයි.


එවිට එතුමාණන්ගේ ගිගුරුම් හඬ ද ප්‍රතාපවත් ගර්ජනා හඬ ද දිගට ම ඇසේ. විදුලිය නොනැවතී දිගට යයි.


දෙවිඳුන්ගේ හඬ පුදුම ලෙස ගිගුරුම් දෙයි; අපට තේරුම් ගත නොහැකි අරුමපුදුම දේ සිදු වෙයි.


එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;


නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද?


ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.


එතුමන්ගේ අණින් අහසේ ජල ඝෝෂාවක් ඇති වන්නේ ය. එතුමාණෝ පොළොවේ සීමාවලින් වලාකුළු නැඟී එන්නට සලසන සේක; වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; සිය ගබඩාවලින් සුළඟ හමවන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්