Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 37:3 - Sinhala Revised Old Version

3 උන්වහන්සේ ඒක මුළු අහස යටද තමන්ගේ විදුලිය පොළොවේ කෙළවර දක්වාද යවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එතුමාණෝ ඒ හඬ අහස පුරා විහිදුවන සේක; විදුලිය පොළොවේ සීමාන්ත දක්වා පතුරුවන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 37:3
12 හුවමාරු යොමු  

මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.


නුඹේ සෑම දවස්වල නුඹ උදයට අණකොට අලුයමට ඒකේ ස්ථානය දැන්නෙවුවෙහිද?


උන්වහන්සේ ජාතීන්ට කොඩියක් ඔසවා, පන්වනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් එකතුකරනසේක.


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.


උන්වහන්සේගේ විදුලි ලෝකය ආලෝකකෙළේය. පොළොව ඒ දැක කම්පාවිය.


දෙවියන්වහන්ස, ඔබගේ මාර්ගය ශුද්ධස්ථානයෙහිය. දෙවියන්වහන්සේ මෙන් උතුම් දෙවි කෙනෙක් කවුද?


මක්නිසාද උන්වහන්සේ පොළොවේ කෙළවරවල් දක්වා බලා, අහස යට සියල්ල දකිනසේක.


වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,


ඊට පස්සෙන් ශබ්දයක් ගොරවාගන යන්නේය; උන්වහන්සේ තමන් මහන්තත්වයේ හඬින් ගර්ජනාකරනසේක. උන්වහන්සේගේ හඬ ඇසෙන විට උන්වහන්සේ ඒවා ප්‍රමාද කරන්නෙත් නැත.


එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක; ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක.


දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට,


විද්‍යුල්ලතා නික්මයන ලෙස ඒවා යවන්ට නුඹට පුළුවන්ද? ඒවා: අපි මෙහියයි නුඹට කියනවා ඇද්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්