යෝබ් 24:20 - Sinhala New Revised Version වැදූ මව පවා ඔහු සිහි නොකරයි; පණුවෝ ඔහු කා දමති; බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි. Sinhala New Revised Version 2018 වැදූ මව පවා ඔහු සිහි නොකරයි; පණුවෝ ඔහු කා දමති; බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි. Sinhala Revised Old Version ඔහු බිහිකළ තැනැත්තී ඔහුව මතක නැතිකරයි; ඔහු පණුවන්ට මිහිරි කෑමක් වන්නේය. ඔහු තවත් සිහි නොවන්නේය. අධර්මිෂ්ඨකමද ගහක් මෙන් කඩා දමනු ලබන්නේය. |
මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.
කුෂ්ඨයක් මාගේ හමට කා වැදී, මාගේ මාංසය දිරා ගිය පසුත් මම මාගේ දෙනෙතින් දෙවිඳුන් දකින්නෙමි.
මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.
දුෂ්ටයන් සිය සොහොන්වල තැන්පත් කරනු ලබන හැටි ද එය බලා ආපසු එන විට, ඔවුන් දුෂ්ටකම් කළ නුවරෙහි වැසියන් ඔවුන්ට ප්‍රශංසා කළ හැටි ද මම දිටිමි. මෙය ද නිසරු දෙයකි.
දැන් ඔවුන් මිය ගොස් ඇත; නැවත ජීවත් වන්නේ නැත. ඔවුන්ගේ අවතාර වත් නැඟිට එන්නේ නැත. ඔවුන්ගේ නාමය සිතින් මැකී ගොස් ඇත.
සමිඳාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “මවකට හැකි ද, කුසේ දැරූ බිළිඳා අමතක කරන්න? හැකි ද ඈට ඇගේ ම කිරි දරුවාට පෙම් නොකරන්න? මවක ඇගේ දරුවා අමතක කළත්, මම නම්, කිසිදා නුඹ අමතක නොකරමි.
ඔහු මහ හඬින් මොරගසා මෙසේ කී ය: ‘ගස සිඳ දමන්න, අතු කපා දමන්න, කොළ සූරා දමන්න, පල විසුරුවා දමන්න, වන මෘගයන් ගසේ සෙවණ යටින් ද කුරුල්ලන් අතුවලින් ද පලවා හරින්න.
තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.