Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 19:10 - Sinhala New Revised Version

10 මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මා නැති වන ලෙස එතුමන් හතර වටින් මට පහර දී, උදුරා දමන ලද ගසක් මෙන් මාගේ බලාපොරොත්තුව බිඳ දමා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මා නැතිවීයන හැටියට වටකරින් උන්වහන්සේ මා කඩාදමා, මාගේ බලාපොරොත්තුව ගහක්මෙන් උදුරා දැමූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 19:10
15 හුවමාරු යොමු  

වැදූ මව පවා ඔහු සිහි නොකරයි; පණුවෝ ඔහු කා දමති; බිඳ වැටුණු ගසක් මෙන් දුෂ්ටකම අවසන් වෙයි.


එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත. එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත.


මාගේ ජීවිත කාලය සැඳෑ සෙවණැලි වැනි ය, මම තණ පත් මෙන් වියළී සිටිමි.


එසේ නම්, මාගේ පැතුම කොතැන ද? ‘ප්‍රීතියක් ඇතැ’යි කා හට වත් පෙනේ ද?


මාගේ දවස් ගෙවී ගොස් ඇත; මාගේ පැතුම් බිඳී ගොස් ඇත; මාගේ අරමුණු ව්‍යර්ථ වී ඇත.


බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි; ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.


මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද?


සාතන් සමිඳාණන් වහන්සේ වෙතින් නික්ම ගොස්, ජෝබ්ගේ යටිපතුල පටන් හිස් මුදුන දක්වා ඇඟ හැම තැන ම දරුණු කුෂ්ඨයක් හටගන්වා ඔහුට වද දුන්නේ ය.


වතුරෙන් ගල් ගෙවී යන්නාක් මෙන්, ජලප්‍රවාහයෙන් පොළොව සේදී යන්නාක් මෙන් ඔබ මිනිසාගේ පැතුම් සුන් කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්