Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 8:10 - Sinhala New Revised Version

10 දුෂ්ටයන් සිය සොහොන්වල තැන්පත් කරනු ලබන හැටි ද එය බලා ආපසු එන විට, ඔවුන් දුෂ්ටකම් කළ නුවරෙහි වැසියන් ඔවුන්ට ප්‍රශංසා කළ හැටි ද මම දිටිමි. මෙය ද නිසරු දෙයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දුෂ්ටයන් සිය සොහොන්වල තැන්පත් කරනු ලබන හැටි ද එය බලා ආපසු එන විට, ඔවුන් දුෂ්ටකම් කළ නුවරෙහි වැසියන් ඔවුන්ට ප්‍රශංසා කළ හැටි ද මම දිටිමි. මෙය ද නිසරු දෙයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 තවද දුෂ්ටයන් තැන්පත්කරනු ලබන බවද ඔවුන් මිනීවළට පැමිණෙන බවද යුක්තිය ඉෂ්ටකළ අය ශුද්ධස්ථානයෙන් ඉවත්ව ගොස් නුවරෙහි මතක නැතිකරනු ලබන බවද දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 8:10
14 හුවමාරු යොමු  

මන්ද, ජීවත් ව සිටින අය තමන් මියයා යුතු බව දනිති; මියගිය අය කිසිවක් නොදනිති; ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. ඔවුන් සහමුලින් ම මතකයෙන් ඉවත් ව යනු ඇත.


මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්‍රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයාත් නසිනු නියත ය.


දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.


ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.”


එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, “මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි.


ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය.


ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.


යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.


මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත; බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත.


කොපමණ වරක් සුළඟේ ගසාගෙන යන පිදුරු හා බොල් මෙන් ඔව්හු පහ ව ගියෝ ද?


එහි දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් විය. ඔහුට සිය ප්‍රඥාවෙන් ඒ නුවර ගැළවිය හැකි විය. එහෙත්, කිසිවෙකු ඒ දිළිඳු මනුෂ්‍යයා ගැන සිතුවේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්