ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 66:17 - Sinhala New Revised Version

මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා මුවින් මම එතුමාණන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමාණන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මාගේ මුඛයෙන් උන්වහන්සේට මොරගැසීමි, මාගේ දිවෙන් උන්වහන්සේ උසස් කරනු ලැබූසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 66:17
8 හුවමාරු යොමු  

සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?


මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.


ඔබ මා උසස් කළ බැවින් ද මාගේ දුක් ගැන මා සතුරන්ට ප්‍රීති වීමට නුදුන් බැවින් ද සමිඳුනි, ඔබට ප්‍රශස්ති ගී ගයමි.


සමිඳුනි, ඔබට හඬගැසීමි; සමිඳුන් හට කන්නලව් කෙළෙමි.


මා වළ පල්ලට ගිය විට මාගේ මරණයෙන් කුමක් වේ ද? පොළොවේ පසට හැරුණු අයට ඔබේ සත්‍යය පැවසිය හැකි ද?


හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.