ගීතාවලිය 63:5 - Sinhala New Revised Version රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි. Sinhala New Revised Version 2018 රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි. Sinhala Revised Old Version මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද, |
සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමන්ගේ නාමයට ගී ගයන්න;
මා දමිටු හෙයින් මම ඔබේ මුහුණ දකින්නෙමි; මා අවදි වන කල ඔබේ ස්වරූපය දැක සෑහීමට පත් වන්නෙමි.
දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.
ඔබේ රජ මැදුරෙහි වසන පිණිස ඔබ තෝරාගත් තැනැත්තා කොපමණ වාසනාවන්ත ද? ඔබේ දෙව් මැදුර වන ඔබේ නිවෙසෙහි යහපත් දෙයින් අප සෑහීමට පත් කළ මැනව.
මම ඔබට ගී ගයමින් ප්‍රශංසා කරන්නෙමි; ඔබ මා මිදූ බැවින් මම ඔබට හද පත්ලෙන් ගී ගයන්නෙමි.
මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?
සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.
එම්බා ඉශ්රායෙල් ජාතිය! මම නැවත නුඹ ගොඩනඟන්නෙමි. එවිට නුඹලා ගොඩනඟනු ලබන්නහු ය. නුඹලා නැවත නුඹලාගේ කිකිණි රබන් රැගෙන විනෝද වන්නන් සමඟ ප්‍රීතියෙන් නටන්නහු ය.