එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නොනසින්නෙහි ය;
ගීතාවලිය 51:6 - Sinhala New Revised Version සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව. Sinhala New Revised Version 2018 සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව. Sinhala Revised Old Version බැලුව මැනව, අධ්‍යාත්මයෙහි සත්‍යතාවට ඔබ කැමැතිවනසේක. අප්‍රකාශවූ හෘදයෙහි ඔබ මට ඥානය දැනගන්ට සලස්වනසේක. |
එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නොනසින්නෙහි ය;
“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.
මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.
නයිල් ගඟේ වතුර ගලන්නේ කවදා දැ යි කීමට, අයිබිස් පක්ෂියාට ඉගැන්නුවේත්, වැසි වස්නා දිනය කවදා දැ යි කීමට, කුකුළාට ඉගැන්නුවේත්, කවරෙක් ද?
මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.
“ඔය මිනිසා කවදා මැරේ ද? කවදා ඔහුගේ නාමය මැකී යන්නේ දැ”යි මාගේ සතුරෝ මා ගැන අවලාද කියති.
මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය. ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය.
ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද? ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?
එහෙත්, ඒ කාලය පැමිණි විට, ඉශ්රායෙල් සෙනඟ සමඟ මා කරන ගිවිසුම මෙය වේ. මම මාගේ අණපණත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
මම ඔවුන් වෙතින් ඉවතට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් ඉවත් ව නොයන ලෙස මා කෙරෙහි ගරුබිය දැක්වීම ඔවුන්ගේ සිත්හි උපද වන්නෙමි.
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
සමිඳාණන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: “පරිසිවරුනි, ඔබ කෝප්පයේ ද පිඟානේ ද පිටපැත්ත සෝදා පිරිසුදු කරන්නාහු ය; එහෙත් ඔබගේ ඇතුළත තණ්හාවෙන් ද දුෂ්ට චේතනාවෙන් ද පිරී ඇත.
අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.
දෙවියන් වහන්සේට ළං වන්න, එවිට දෙවියන් වහන්සේ ඔබට ළං වන සේක. පව්කාරයෙනි, ඔබගේ අත් පවිත්‍ර කරගන්න; දෙසිත් ඇත්තෙනි, ඔබගේ සිත් පිරිසිදු කරගන්න.
එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.
එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.