Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 12:13 - Sinhala New Revised Version

13 එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නො‍නසින්නෙහි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට දාවිත් පිළිතුරු දෙමින්, “මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නො‍නසින්නෙහි ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එවිට දාවිත්: මම ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමියි නාතාන්ට කීය. නාතාන්ද: ස්වාමීන්වහන්සේ නුඹේ පාපය පහකළසේක, නුඹ නොනස්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 12:13
46 හුවමාරු යොමු  

තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.


ඔබට විරුද්ධව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය.


දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය.


“කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.


එවිට පුත්‍රයා ඔහුට කතා කොට, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද මම පව් කෙළෙමි. මින් මතු ඔබගේ පුත්‍රයා යයි කියනු ලබන්නට නොවටිමි’යි කී ය.


එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි; එහෙත්, දැනට මාගේ සෙනඟගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල්වරුන් ද ඉදිරියෙහි මට ගෞරවය දී, මා විසින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට නමස්කාර කරනු ලබන පිණිස මා සමඟ අව මැනව”යි කීවේ ය.


“යමෙකු වෙන කෙනෙකුගේ භාර්යාවක සමඟ පරදාර සේවනය කළොත්, දෙදෙනා ම මරණයට පත් කළ යුතුය.


මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.


එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක.


එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය.


ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව “සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් ප්‍රේරිතයන්ගෙන් ද විචාළහ.


කෙනෙකු යවා හිරගෙදර දී ජොහන්ගේ හිස සිඳ වී ය.


එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක.


මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න.


නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය.


එවිට මාගේ දොම්නස සොම්නසට හැරෙනු ඇත. ඔබ තුමාණෝ, සියලු අනතුරෙන් මා මුදන සේක; මාගේ සියලු පව් කමා කරන සේක.


මැනවින් සවන් දෙන අයට නැණවතාගේ ඔවා බස් රන් අරුංගල් ජෝඩුවක් ද තනි රන් මාලයක් ද වැන්න.


ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක.


ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.


මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.


එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.


එවිට රජ පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ එලියා වෙත යැවී ය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, බැස එන්න කියා රජ කියන්නේ ය”යි ඔහුට දැන්වී ය.


ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


ආහබ් ද කතා කොට, “අහෝ මාගේ හතුර, ඔබ මා සොයාගත්තෙහි දැ”යි එලියාට කී ය. ඔහු උත්තර දෙමින්, “මම නුඹ සොයාගතිමි. මක්නිසා ද, නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කරන්න නුඹ ම භාර වී සිටින්නෙහි ය.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා බෙතෙල්හි පූජාසනයට විරුද්ධ ව ප්‍රසිද්ධියේ චෝදනා කරමින් කී වචන ජෙරොබෝවම් රජු ඇසූ විට, ඔහු පූජාසනය වෙතින් තමාගේ අත දිගු කර, “ඔහු අල්ලාගනිව් ය”යි කීවේ ය. ඔහුට විරුද්ධ ව රජතුමා දිගු කළ තමාගේ අත, ආපසු නමා ගන්න බැරි ලෙස කොර විය.


සාවුල් පිළිතුරු දෙමින්, “නැත, මම සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු ව, සමිඳාණන් වහන්සේ මා යැවූ ගමන ගොස් අමලෙක්වරුන්ගේ රජ වූ ආගග් ගෙනාවෙමි; අමලෙක්වරුන් ද සහමුලින් ම විනාශ කරදැමීමි.


“යමෙකු මිනිසෙකු මැරුවොත්, ඔහු ද මැරිය යුතු ය.


එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය.


මේ නිවස කෙරෙහි ඔහුට මෙන් ම මට ද පාලන බලය ඇත. ඔබ ඔහුගේ භාර්යාව නිසා ඔබ හැරෙන්නට, අන් සියල්ල ම මට බාර දී ඇත. එසේ නම් මම මෙ වැනි මහා දුෂ්ට ක්‍රියාවක් කොට, දෙවියන් වහන්සේට විරුද්ධ ව කෙසේ පව් කරම් දැ”යි ඇසී ය.


දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සේ පව් කෙළෙමි. එහෙත්, දැන් ඔබේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව. මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කීවේ ය.


නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක.


එවිට පාරාවෝ පණිවුඩ යවා මෝසෙස් හා ආරොන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙවර මම පව් කෙළෙමි; සමිඳාණන් වහන්සේ කළ දේ හරි ය; මාගේ සෙනඟත්, මාත් කළ දේ වැරදි ය.


දාවිත් ද සෙනඟට පහර දෙන දූතයා, දැක, සමිඳාණන් වහන්සේට කතා කොට, “මම පව් කෙළෙමි. මම අපරාධ කෙළෙමි. එහෙත්, මේ බැටළුවෝ කුමක් කළෝ ද? අනේ ඔබේ අත මා පිටත්, මාගේ පවුල පිටත් පැමිණේ වා”යි කී ය.


සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්