එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.
ගීතාවලිය 21:5 - Sinhala New Revised Version ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි. කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක. Sinhala New Revised Version 2018 ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි. කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක. Sinhala Revised Old Version ඔබගෙන් ලැබුණු ගැළවීම කරණකොටගෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය. ඔබ ගෞරවය හා මහිමය ඔහු පිට තබනසේක. |
එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.
තවද, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මාගේ ආඥා ද පණත් ද රක්ෂා කරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහි නම්, නුඹේ ආයුෂ ද වැඩිකරන්නෙමි”යි ඔහුට වදාළ සේක.
එසේ ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ඔබ ඉදිරියෙහි පවතින පිණිස ඊට ආශීර්වාද කරන්න ඔබ ප්‍රසන්න වුව මැනව. මන්ද, සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ ආශීර්වාද කළ අය සදහට ම ආශීර්වාද ලද්දෝ වෙති.”
සමිඳාණෝ මා සමිඳුන්ට කතා කොට, “මා නුඹේ සතුරන් නුඹේ පා යට ලන තෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැ”යි වදාළ සේක.
එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය. මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක. එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.
ඒ රජ දෙවිඳුන් අබියස සදහට සිහසුන අරා වැඩ සිටී වා! එතුමා ආරක්ෂා කරනු වස් ඔබ තිර පෙමින් සත්‍යතාව එතුමාට ප්‍රදානය කරන සේක් වා!
මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.
එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.
ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.
ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.
ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.
අප ඒකත්වයක් ව සිටින්නා සේ ම, ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් තේජශ්‍රීය මම ඔවුන්ට දුනිමි.
ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව.
අප කියන ප්‍රධාන දෙය නම්, එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බව ය. උන් වහන්සේ ස්වර්ගවල මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ, දකුණත අසුන් ගෙන,
උන් වහන්සේ ස්වර්ගයට වැඩම කර දෙවියන් වහන්සේගේ දකුණත වැඩ සිටින සේක. දේව දූතයෝ ද බලතාවයෝ ද අනුභාවයෝ ද උන් වහන්සේට යටත් කරනු ලැබූ හ.