Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 7:19 - Sinhala New Revised Version

19 එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, දෙවි ස්වාමීන් වහන්ස, මේ දේ වුව ද, ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමීන් වහන්ස, මතු පරම්පරා ද මට පෙන්වා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මේකත් ඔබ ඉදිරියෙහි මදිව මතු බොහෝ කලකට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ කථාකළසේක; ඒත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මනුෂ්‍ය ප්‍රකාරයටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 7:19
12 හුවමාරු යොමු  

එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක.


ඔබේ නොනස්නා පෙම්කඳ කොතරම් අනගි ද? නර සුර දෙගොල්ල ම ඔබේ පියාපත් සෙවණෙහි රැකවරණය ලබති.


එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ය.


මම නුඹේ ස්වාමියාගේ වංශය ද ඔහුගේ භාර්යාවන් ද නුඹට ම දිනිමි. ඉශ්රායෙල් හා ජුදා වංශයත් නුඹට දිනිමි. මෙය නුඹට ප්‍රමාණවත් නොවන්නේ නම්, මෙවැනි තවත් දේ මම නුඹට දෙන්නෙමි.


මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?


සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයේ සේවය කරමින් තමන් වහන්සේ ළඟට ඔබ හැම ළඟා කරගැනීමටත්, පූජකයන් වශයෙන් කටයුතු කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මුළු ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔබ හැම වෙන් කොට ගැනීම ඔබ සුළු කොට සලකන්නහු ද?


නුඹලාගෙන් සමහරු හොඳ තණ කෑමෙන් සෑහීමට පත් නොවනු පමණක් නොව, ඉතිරි හොඳ තණ පවා පාගාදමන්නෝ ය; නුඹලා පිරිසිදු වතුර බොනවා පමණක් නොව හොඳ වතුර පාගා මඩ කරන්නහු ය.


ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය.


මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන් වහන්සේ මෝවබ්වරුන් ද ඔබ අතට පාවා දෙන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්