ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 111:7 - Sinhala New Revised Version

එතුමන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි; එතුමන්ගේ පණත් සියල්ල විශ්වාසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතුමාණන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි; එතුමාණන්ගේ පනත් සියල්ල විශ්වාසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේගේ කර්මාන්තයෝ සත්‍යය හා යුක්තිය වෙති; උන්වහන්සේගේ පනත් සියල්ල නියතය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 111:7
16 හුවමාරු යොමු  

එතුමන් පරම්පරා දහසක් දක්වා අණ කළ සිය ගිවිසුම සදහට ම සිහි කරන සේක.


සමිඳුනි, ඔබ ළඟා වී සිටින සේක. ඔබේ සියලු ආඥා සත්‍ය ය.


ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.


ඔබේ ආඥා සියල්ල විශ්වාස කටයුතු ය. මිනිස්සු අයුතු ලෙස මට පීඩා කරති. මට පිහිට වුව මැනව.


සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය; එය තිර ලෙස සගලොව ඇත.


සමිඳුන්ගේ ව්‍යවස්ථාව පරිසමාප්ත ය; ජීවිතය පණ ගන්වන්නේ ය. සමිඳුන්ගේ නීතිය සත්‍යවාදී ය; අනුවණයන්ට නුවණ දෙන්නේ ය.


සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය,


තිර පෙම සහ විශ්වාසවන්තකම හමු වන්නේ ය. දැහැමි බව සහ සාමය වැළඳ ගන්නේ ය.


සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය; තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ.


සමිඳුනි, ඔබේ අණපණත් සදාතනික ය. ඔබේ දේව මාලිගාව සැබැවින් ම සදහට ම සුවිශුද්ධ ය.


එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.


අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.


එබැවින් සමිඳාණන් වහන්සේ බලා සිට මේ විපත්ති අපට පැමිණෙවූ සේක. මන්ද, අපේ සමිඳාණන් වහන්සේ කරන හැම ක්‍රියාවක් ම යුක්ති සහගත ය. අපි උන් වහන්සේගේ බසට කීකරු නොවීමු.


එතුමාණෝ පර්වතයාණෝ ය. එතුමන්ගේ ක්‍රියා පරිපූර්ණ ය; එතුමන්ගේ මාර්ග සාධාරණ ය. එතුමාණෝ අයුතුකමින් තොර ව වසන විශ්වාසී දෙවි කෙනෙකි. දැහැමි ව හා අවංක ව ද සිටින සේක.


අප අවිශ්වාසවන්ත වුවත්, උන් වහන්සේ විශ්වාසවන්ත ව, සිටින සේක. මන්ද, උන් වහන්සේට තමන් ම ප්‍රතික්ෂේප කිරීම නොකළ හැකි ය.”