ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය.
එසකියෙල් 6:6 - Sinhala New Revised Version නුඹලාගේ පූජාසන පාළු වී, නාස්ති වී, නුඹලාගේ දේව රූප කඩා දමනු ලැබ, ඒවා විනාශ වී නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත නැති වී යන පිණිස නුඹලාගේ සියලු වාසස්ථානවල නගර නටබුන් ගොඩක් වන්නේ ය. කඳු මත පූජාස්ථාන ද පාළු වන්නේ ය. Sinhala New Revised Version 2018 නුඹලාගේ පූජාසන පාළු වී, නාස්ති වී, නුඹලාගේ දේව රූප කඩා දමනු ලැබ, ඒවා විනාශ වී නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත නැති වී යන පිණිස නුඹලාගේ සියලු වාසස්ථානවල නගර නටබුන් ගොඩක් වන්නේ ය. කඳු මත පූජාස්ථාන ද පාළු වන්නේ ය. Sinhala Revised Old Version නුඹලාගේ පූජාසන පාළුවී, නාස්තිවී, නුඹලාගේ දේවරූප කඩාදමනු ලැබ නැතිවී, නුඹලාගේ සූර්යරූප කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත මැකීයන පිණිස, නුඹලාගේ සියලු වාසස්ථානවල නුවරවල් නටබුන්වන්නේය, උස්තැන්ද පාළුවන්නේය. |
ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය.
ගින්නෙන් පිදුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන්ගේ ම පවිටු ක්‍රියාවලින් විනාශවන්නෝ ය. එය නැවැත්වීම කිසිවෙකුට වත් නොහැකි වේ.
විජාතීන්ගේ පූජාසනවල සියලු ගල් රටහුණු මෙන් අඹරාදැමූ පසු ද අෂේරා කප් කණු, දුම් පූජාසන හා හිරු දෙවි රූප තවත් ඉතුරු නොවූ පසු ද ඉශ්රායෙල්ගේ පව් කමා කරනු ලබන්නේ ය.
එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.
සවන් දෙන්න, අන්න, ජුදා නගර පාළුවක් ද සිවලුන්ගේ වාසයක් ද කිරීමට යන බවට දූසමාන කතාවක හඬක් ද මහා ඝෝෂාවක් ද උතුරු දේශයෙන් ඇසෙන්නේ ය.
ගම්බද පළාත්වල ගිරිකුළු මත ද අෂේරා දේවතාවිය උදෙසා තනාගත් ඔවුන්ගේ පූජාසන සිහි කරති. දේශයේ සෑම තැන ම නුඹලා කර ඇති පාප නිසා නුඹලාගේ සම්පත ද සකල වස්තුව ද සතුරන් විසින් පැහැරගෙන යනු ලබන්නට සලස්වන්නෙමි.
ඔවුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සිංහයන් මෙන් ගොරවා ඇත; මහා හඬින් ගොරවා ඇත. ඔවුන් දේශය පාළු කර ඇත. එහි නගර දැන් නටබුන් ය. කිසිවෙක් එහි ජීවත් නොවෙති.
මම අණ කොට මේ නගරය කරා ඔවුන් නැවත ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධ ව යුද්ධ කොට, ඒක අල්ලා ගින්නෙන් දවාදමන්නෝ ය. එහි වැසියෙකු නොසිටින ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ඒවා නිෂ්ඵල, රවටන සුලු කෘතීහු ය. ඒවාට දඬුවම් කරන කාලය පැමිණි විට ඒවා විනාශ වී යනු ඇත.
ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”
සමිඳාණන් වහන්සේ කතා කොට, “මම ජෙරුසලම නටබුන් ගොඩක් ද සිවලුන්ගේ වාසයක් ද කරන්නෙමි; කිසිවෙකුට වාසය නොකළ හැකි ලෙස මම ජුදාහි නගර පාළු කරන්නෙමි”යි වදාළ සේක.
මන්ද, “අපි විනාශ වුණෙමු; අප දේශය අත්හැර ගිය නිසා ද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසා ද අපි නින්දාවට පත් ව සිටිමු” යන ළතෝනිය සියොන් කෙරෙන් ඇසුණේ ය.
දේශයේ සෙනඟට මෙසේ කියන්න: ‘ඉශ්රායෙල් රටෙහි සිටින ජෙරුසලමේ වැසියන් ගැන මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔව්හු තමන්ගේ කෑම භීතියෙන් කා, තමන්ගේ වතුර කනස්සල්ලෙන් බොන්නෝ ය. මෙසේ වන්නේ, ඔවුන්ගේ දේශයේ වාසය කරන සියල්ලන්ගේ සැහැසිකම නිසා ඒ දේශය සහමුලින් ම පාළු වන පිණිස ය.
මම නුඹ ඔවුන්ට පාවා දෙන්නෙමි. ඔවුන් නුඹේ උස් තැන් සමතලා කර, ගිරිකුළු දේවාල කඩාදමා, නුඹේ වස්ත්‍ර ඉරාදමා, නුඹේ අලංකාර ආභරණ ගලවා නුඹ සහමුලින් ම නිර්වස්ත්‍ර කරනු ඇත.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි.
මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.
නුඹ අවට සිටින ජාතීන්ට මම නුඹ නින්දාවක් ද අවමානයක් ද වන්නට සලසන්නෙමි. නුඹ අවටින් ගමන් කරන සියල්ලන් එය දකිනු ඇත.
නුඹලාගේ පූජාසන පාළු වන්නේ ය. නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලබන්නේ ය. නුඹලා අතරෙන් මරුමුවට පත් වූ අය නුඹලාගේ දේව රූප ඉදිරිපිට බිම හෙළන්නෙමි.
ඔවුන්ගේ සිත් භේද භින්න වී ඇත. ඔවුන් තමන්ගේ පාපයට දඬුවම් විඳිය යුතු ය. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පූජාසන කඩාදමා ඔවුන්ගේ පූජනීය රූපස්ථම්භ විනාශ කරනු ඇත.
ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”
මම ද නුඹලාගේ ගිරිකුළු දේවාල වනසා දේව ප්‍රතිමා සිඳ බිඳදමා, නුඹලාගේ මළකඳන් දේව පිළිමවල නටබුන් මත ගොඩ ගසන්නෙමි. මම ද නුඹලා පිළිකුල් කරන්නෙමි.
මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
එහි ඇති සියලු කැපූ රූප සුණු විසුණු කරනු ලැබේ. ඔවුන් සම්බ කරන සියල්ල ගින්නෙන් විනාශ කරනු ලැබේ. දේව රූප සුන්බුන් කරනු ලැබේ. මන්ද, ඒවා වේශ්‍යාකමට අය කළ ගාස්තුවෙන් රැස් කරගනු ලැබී ය. වේශ්‍යාකමේ පණයම් ගෙවීමට එය නැවත වැය වන්නේ ය.
“එබැවින් ඔබ නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාවේ කන්ද කැළෑවක් සහිත කඳු මුදුනක් වන්නේ ය.”
නුඹලාගේ දේව රූප ද රූපස්ථම්භ ද නුඹලා කෙරෙන් සිඳ දමන්නෙමි. අතින් තනාගත් දේවලට නුඹලා තවත් නමස්කාර නොකරන්නහු ය.
පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද?
සමිඳාණන් වහන්සේගේ උදහසේ දවසේ දී ඔවුන්ගේ රිදී නිසා වත්, රන් නිසා වත් ඔවුන්ට ගැළවෙන්නට නුපුළුවන. උන් වහන්සේගේ උදහසේ ගින්නෙන් පොළොව විනාශ වන්නේ ය. මිහි පිට වසන සියල්ලන් උන් වහන්සේ හදිසියෙන් නැත්තට ම නැති කරදමන සේක.
ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.
ඔව්හු පසු දා අලුයම අවදි වූ විටත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ යළිත් දාගොන් මුණින්තළා වී බිම සිටිනවා දුටුහ; දාගොන්ගේ හිස ද අත් දෙක ද වෙන් වී එළිපත්ත උඩ තිබෙනවා දුටුහ; ඉතිරි ව තිබුණේ කඳ පමණක් ය.