Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 1:31 - Sinhala New Revised Version

31 ගින්නෙන් පිදුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන්ගේ ම පවිටු ක්‍රියාවලින් විනාශවන්නෝ ය. එය නැවැත්වීම කිසිවෙකුට වත් නොහැකි වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ගින්නෙන් පිදුරු දැවී යන්නාක් මෙන් බලවත් අය තමන්ගේ ම පවිටු ක්‍රියාවලින් විනාශවන්නෝ ය. එය නැවැත්වීම කිසිවෙකුට වත් නොහැකි වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 1:31
25 හුවමාරු යොමු  

ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.


බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ සහකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කතා කරති. අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය බැස ගොස් වැටී සිටිති.


එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.


එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.


තවද, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ.


ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි, අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය. සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත. ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.


එහි බලවත් හමුදාවක් ද රථවාහන හා අශ්වයන් ද එතුමාණෝ විනාශකළ සේක. ඔව්හු නැඟිටිය නොහැකි සේ එහි වැටුණෝ ය. පහන් තිරයක දැල්ල නිවී යන්නාක් මෙන් ඔව්හු නැතිවී ගියෝ ය.


සියොන්හි පව්කාරයෝ බියෙන් වෙවුළති; අභක්තිකයෝ භීතියෙන් ඇලළී යති. මේ දැවෙන ගින්නෙහි අප අතරෙන් කවරෙකුට ජීවත් විය හැකි ද? මේ සදා ගින්නෙන් කෙසේ ගැළවෙන්න ද?


කෝප වීමට ඉඩක් නැත; කටු ගොකටු පිරිණි නම්, ඒවා උගුලා, ගිනි තබා විනාශ කරන්න තිබිණි.


ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.


සව් බලැති සමිඳුන්ගේ උදහසින් දේශය දැවී යන්නේ ය; සෙනඟ ද ගින්දරට දර මෙන් වන්නෝ ය. කිසිවෙකු තමා හැර තම සහෝදරයා ගැන සලකන්නේ නැත.


ශුද්ධ දෙවිඳුන්ගේ වචනය හෙළා දුටු නිසාත්, සව් බලැති සමිඳුන්ගේ අණපණත් ප්‍රතික්ෂේප කළ නිසාත්, ගිනි දැල්ලට ඉපනැලි හා පිදුරු දැවී යන්නාක් මෙන් ඔබට සමාන ඒ ගස්වල මුල් දිරාපත් වී, මල් වියළී පහ වී යන්නේ ය.


ඔහු ලෙහි නගරයට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැඟුවෝ ය. සමිඳාණන්ගේ ආත්මානුභාවය බලවත් ලෙස සම්සොන් කෙරෙහි පැමිණියේ ය. ඔහුගේ අත් බැඳ තිබුණු කඹ ගින්නෙන් දැවී ගිය හණ මෙන් විය. ඔහුගේ අත්වලින් බැඳුම් ද ලිහී වැටුණේ ය.


උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.


සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක.


එබැවින් දෙවිඳුන් පොළොව විනාශ කිරීමට සාපයක් එවා ඇත. ඔව්හු තමන් කළ දේට දැන් වන්දි ගෙවති. ජීවත් වී සිටින සෙනඟගේ ගණන එන්න එන්න අඩුවේගෙන යයි. ඉතිරි වන්නේ ටික දෙනෙකි.


නුඹලා කිසිම තේරුමක් නැති යෝජනා කරන්නහු ය. නුඹලා කරන සියලු දේ නිෂ්ඵල ය. ගින්නක් වැනි හුස්මක් නුඹලා දවාලන්නේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උයන්වල පුද පූජා ඔප්පු කරන පිණිස තමන් ම පිරිසිදු කරගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟ ය.


දාවිත්ගේ පෙළපතේ වැසියෙනි, සෑමදා ම යුක්තිය ඉටු කරන්නට වග බලාගන්න. කොල්ලකනු ලැබූ අය පීඩාකාරයන්ගේ අතින් නිදහස් කරන්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල දුෂ්ටකම නිසා මාගේ කෝපය කිසිවෙකුට නිවන්නට බැරි ගින්නක් මෙන් ඇවිලෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්